කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන කටහඬකට උරුමකම් කියන ආදරණීය ගායිකාවක් තමයි දීපීකා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇයගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් රැසක් පසුගිය කාලවකවානුව තුළදී සිද්ධ වුණා.

ඒ අතරින් ඇය ටිකක් ප්‍රමාද වෙලා විවාහ වුණත් ආදරණීය නිවුන් දරුවන් දෙදෙනෙක් ඇයට ලැබුණා.මේක දීපිකා ප්‍රියදර්ශනීගේ ජීවිතයට බොහෝ සෙයින් සතුට ගෙනාපු අවස්ථාවක්.

ඇය ටිකක් ප්‍රමාද වෙලා විවාහ වුණේ ඇය ආදරණීය අම්මත් එක්කම ජීවිතේ ගත කරපු නිසයි.ඒ කාලය තුළදී ඇයට ඕන වෙලා තියෙන්නේ අම්මා ගාවටම වෙලා ඒකේ අඩුපාඩු සොයා බලා ඇයට අත්වැලක් වෙන්න.කොහොම නමුත් අම්මගෙත් ආශිර්වාදය එක්ක ඇයගේ ජීවිතය අද වෙද්දි ආදරණීය දරුවන් දෙදෙනා නිසා සතුටින් පිරිලා.ඉතින් ඒ සතුට ගෙනා දීපිකා කිව්වෙ මේ වගේ කතාවක්.

“අනේ ඒ සතුට මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ තරම් සන්තෝෂයක් මම ජීවිතේ විඳලත් නෑ.මගේ ජීවිතයට වසන්තය පැමිණිය ටිකක් පමා වෙලා එතකල් මම හිටියේ අම්මත් එක්ක.අම්මා මියගිය අවුරුදු අසූ නවයක් ආයූ වළඳලා. අම්මට ලොකු ආසාවක් තිබුණා මමත් අම්මා කෙනෙක් වෙනවා දකින්න. මම හිතන්නේ අම්මගේ ආසාවත් මට මේ වගේ හුරතල් ලස්සන දරුවෝ දෙන්නෙක් ලැබෙන්න ආශිර්වාදයක් වුණා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ ඇයගේ ඉදිරි ජීවිතයක් දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනායක කරන්නෙමු.