Slider

බන්දු සමරසිංහ මහත්මයා මාත් එක්ක කතා කරන්නේ නෑ හැබැයි එතුමා ගැන මගේ හිතේ තරහක් නැහැ

 


බින්දු බෝතලේගම කියන්නේ පසුගිය කාල සීමාව පුරාවටම සමාජ මාධ්‍ය හරහා නිරන්තරයේම කතා බහට ලක්වෙච්ච චරිතයක්.මීට අවුරුදු කීපයකට කලින් නම් ඔහු රංගන ශිල්පියෙක් විදිහට ජනතාව අතරට ආවා.හැබැයි ඔහුට නොසිතූ විරූ අවස්ථාවක අභියෝග රැසකට මුහුණ දීලා උසාවි නියෝගයක් යටතේ රංගනයට වාරණයක් වැටෙනවා.

ඒත් එක්කම බිංදු කියන චරිතය ප්‍රේක්ෂකයන්ට ටිකෙන් ටික අමතක වෙන්න පටන් ගත්තා. සිදුවීම යද්දි ටික කාලයක් ගියාට පස්සේ ආයෙමත් සැරයක් ඔහු පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තේ ඇත්තටම ඔහුට සිද්ධ වෙච්චි අවාසනාවන්ත සිදුවීම නිසයි.එක්තරා අවස්ථාවකදී බින්දු රංගන ශිල්පියෙක් විදිහට ඉහළට යන විට බන්දු සමරසිංහ කියන අපේ ජනප්‍රිය හා සූත්‍රාදක රංගන ශිල්පියා ඔහු වෙනුවෙන් පැමිණිල්ලක් කරනවා.

ඔහු පැමිණිල්ල කරන්නේ 2015 වර්ෂයේ දී බන්දු සමරසිංහ කියන ඔහුව බිංදු කියන මේ තරුණයා අනුකරණය කරනවා කියන චෝදනාව යටතේ.ඒ අනුව බුද්ධිමය දේපළ පනත යටතේ අනුකරණය කිරීම සම්බන්ධයෙන් එතුමා බින්දුට විරුද්ධව වන්දි නඩුවක් දානවා.මෙහි මූලිකම චෝදනාව වුණේ එතුමාගේ බුද්ධිමය දේපලක් ඔහු මංකොල්ල කෑවා කියන කතාවයි.

ඒත් එක්ක්ම බින්දුගේ සියලුම රංගන කටයුතුවලට වාරණ වැටෙනවා.මේ විදිහට නඩුව අවුරුදු ගණනාවක් ඇදෙමින් ඉස්සරහට යද්දී වාසනාවකට රංගන ශිල්පී බන්දු සමරසිංහව බින්දු කියන මේ තරුණයා අනුකරණය කරා කියන කිසිම සාක්ෂි සාධකයක් නැතුව මේ නඩුව බින්දු විසින් ජයග්‍රහණය කරනවා.

ඊටත් පස්සේ ආයෙමත් සැරයක් ඔන්න මේ නවක කලාකරුවාට රංගනයට එන්න වරම් ලැබුණා.හොඳම විදිහට ප්‍රශ්න ටික විසඳගෙන යද්දි බන්දු සමරසිංහ මහත්මිය අද දවසක් හරි මුණගැහිලා කතා කරලා තියෙනවද කියලා අහපු අවස්ථාවකදී, බින්දු කිව්වේ මේ වගේ කතාවක්.

“එතුමා නායක කතා කරන්නේ නැහැ. හැබැයි මගේ හිත එතුමා ගැන තරහක් වෛරයක් එදා තිබුණෙත් නැහැ අදත් නෑ හෙටත් නෑ.අපි ජීවත් වන ටික කාලයයි මේ ඉන්න ටික කාලෙ මොන තරහම අර හද ජීවත් වෙන්න අපිට ඕනි සතුටයි ආදරයයි විතරයි’

ඉතින් ඒ විදිහට කලාව ගැන හිතන මේ සුන්දර කලාකරුවට තවත් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo