Slider

මම ආස නෑ විවාහ වෙලා දෙන්නට දෙන්නා බැනගෙන උසාවි ගානේ ගිහින් වෙන් වෙන්න තාමත් තනිකඩ සුරාජ් මාපා කියන කතාව

 


කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන පුංචි තිරයේ පෙම්වතාගේ චරිත රැසක් නිරූපණය කරපු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි සුරාජ් මාපා කියන්නේ.මේ දවස්වල ඔහු සුසුම් රස්තියාදුව කියන වෙනස්ම ආකාරයේ ටෙලි නිර්මාණයක වෙනස්ම චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කාලෙකට පස්සේ ආයෙමත් සැරයක් කලා නිර්මාණත් එක්ක එකතු වෙලා ඉන්න සුරාජ් රඟපානවට අමතරව දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහටත්  ප්‍රසිද්ධයි.ඊට අමතරව ඔහු මේ දවස් වල ඔහුගේම පිටපත් රචනයක් සිදු කරගෙන යනවා. ඒක වෙනස්ම විදිහේ කතාවක් කියලා කියනවා. ඒ නිසා මේක ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.

කොයි කව්රුත් දන්න විදිහට සුරාජ් තාමත්, තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ ආදරය විඳිමින් තනිකඩව ජීවත් වන කෙනෙක්.ඇත්තටම ගොඩක් දෙනෙක්ට ඇය තවමත් ඔහු තනිකඩව ඉන්න කියන දේ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒ ගැන අහපුවාම ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා එහෙම වෙනසක් ඇති කර ගන්න. හැමෝම අහන ප්‍රශ්නයක්. විවාහ වෙන්නේ නැද්ද කියන එක. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි විවාහය කියන දේ එහෙම සරලව ගන්න අමාරුයි කියන එක. ගොඩක් අය සරලව අරගෙන මම දකිනවා ගොඩක් අය පසුතැවෙනවා. ඒ අය විතරක් නම් කමක් නැහැ. දරුවන් අසරණ වෙනවා. විවාහය කියන දේ සිද්ධ වෙන දෙයක්. ඕනෙම කෙනෙක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා නම් ගොඩක් හොඳයි. අද කාලේ තියෙන සමාජ ප්‍රශ්න එක්ක බලද්දී සමහර වෙලාවට හරි කෙනා ලැබුණේ නැත්නම් මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. මම ආස නැහැ විවාහ වෙලා දෙන්නට දෙන්නා බැණගෙන උසාවි ගානේ ගිහින් දෙන්නට දෙන්නා වැරදි කියාගෙන වෙන් වෙන්න. ඒක හරි කැතයි කියලා මට හිතෙනවා. කාලයක් එක වහලක් යට එකට පවුල් ජීවිතයක් ගත කළා නම් කවදාවත් ඒ කෙනාට අගෞරව කරන්න හොඳ නැහැ. තමන්ට ගැළපෙන්නේම නැතිනම් වෙන් වෙලා නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම. ඒ නිසා මට විවාහය ගැන තියෙන්නේ වෙනම දැකීමක්. මම දන්නේ නැහැ මගේ විවාහය සාර්ථක වෙයිද නැද්ද කියන එක. ඔය හැමෝම කියන තරම් සරලව මම විවාහය ගැන හිතන කෙනෙක් නෙවෙයි. විවාහයක බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහයක් කර ගන්නේ නැහැ කියන තැන මම කවදාවත් නැහැ. හැබැයි ඒක හැමෝටම ඕනේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ.”


ඉතින් ඉතාමත් ඉක්මනින් ඔහුගේ හිත ගත්තු ඔහුට හිත ගිය ආදරණීය තරුණියක් හමුවේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo