කලා ලෝකය තුළ ආදරණීය කලාකාරිනියක් විදිහට ටෙලි නාට්‍ය කීපයක් හරහාම ප්‍රේක්ෂකයන් හමුවට ආපූ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.ඇයව මේ වෙද්දී  කිහිපයකම ප්‍රධාන චරිත හරහා අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

බොහෝ දෙනෙක් ඇයව අඳුනන්නේ නීල පබුලු ටෙලි නිර්මාණයේ පූජා කියන චරිතය නිසයි.අනුරාධපුරය කියන අති දුෂ්කර ගම්මානයේ ඉඳන් තමයි නයෝමි කලාව ඉගෙන ගන්න කොළඹට එන්නේ.ඇය කලාව ප්‍රධාන වශයෙන් හදාරපු රංගන ශිල්පිනියක්.

ඒවගේම තමයි නයෝමි වේදිකාව තුළත් දක්ෂතා පෙන්වන රංගන ශිල්පිනියක් නිසා ඇයට ලැබෙන අවස්ථා වැඩියි.ඇයට විවිධ චරිත හම්බවෙලා තියෙනවා. ඒ නිසා ඇය චරිත වලින් සෑහීමකට පත්වෙන රංගන ශිල්පිනියක්.

සාමාන්‍යයෙන් කලාව තුළ විවිධ කැප්පිලි කෙටිලි නිසා බොහෝ දෙනෙක්ට කලකිරීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් කලාව තුළත් ජීවිතය තුළත් කලකිරීම් තියෙනවද කියලා අහපු අවස්ථාවකදී නයෝමි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මම කවදාවත් පිටුපස්සට හැරිල බලල පසුතැවෙන කෙනෙක් නෙමෙයි. පසුතැවෙන දේවල් වුණත් මම ඒවා ටක් ගාල මගේ මතකයෙන් ඉවත් කරල දාන කෙනෙක්. හැමවෙලේම සතුටින් ඉන්න හින්දා අනෙක් පැත්ත හැරිල බලද්දී මට දුක්වෙන්න කාරණා නැහැ කියලයි මට හිතෙන්නේ.”


ඉතින් ඇයගේ ජීවිතයත් දිනෙන් දිනම සාර්ථක කර ගැනීමට සහ ඉදිරියටම යන්නට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.