Slider

මම තමයි ගෙදර උයන්නේ.මම උයන වෙලාවට කවුරුත් කුස්සියට එනවට මම කැමති නැහැ.මම එළවළු අමුවෙන් කන්න හරිම ආසයි

 


ශෙරිල් ඩෙකර් මේ නම අහපුහාම නම් ඕනම කෙනෙක් ඇය ගැන දන්නවා.ඇය ආදරණීය කලාකාරිනියක්. ඒ වගේම ෂෙරීන් කියනවට වඩා බොහෝ දෙනෙක් ඇයට කියන්න පටන් ගත්තේ අමා කියලයි.ඒකට හේතුව ස්වාධීන රූපවාහිනී විකාශය වූ අමා ටෙලි නිර්මාණය ඇය ප්‍රධාන චරිතය නිරූපණය කරපු නිසයි

ඊට පස්සේ නම් ටෙලි නිර්මාණ එක්කවත් සිනමා නිර්මාණ එකවත් ඇයව දැක බලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.ෂෙරිල් විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ ගායකයෙක් වෙන රුවන් හෙට්ටිආරච්චි සමඟයි.ඔහුගේ ගීත වල music මියුසික් වීඩියෝවල  ඇය විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා.

ශෙරිල් ගැන කතා කරද්දි ඇය කලා වෙනුත් ඈත් වෙලා ගෙදර දොර වැඩ කටයුතු කරගෙන තමයි කාලය ගත කරන්නේ.නිතරම පෝෂදායි කෑම ආහාරයට එකතු කරගන්නා ඇය කෑම පාලනය කරන එක නම් අකුරටම කරන කෙනෙක්.කලින් ඇය කෑම පාලනය කරන්න ජිම් යනවා. හැබැයි දැන් නම් ගෙදර ඉඳන් තමයි වර්ක් අවුට් කරන්නේ.

ඉතින් කෑම බීම පිළිබඳව කතා කරද්දි ශෙරිල්’ ඇය ගෘහණිය කියන භූමිකාව තුළ ඇය කරන දේවල් කිව්වේ මේ විදිහටයි.

“මම තමයි ගෙදර කෑම හදන්නේ. මම උයන වෙලාවට කවුරුත් කුස්සියට එනවටවත් කැමති නැහැ. ගෙදරදී නිතරම රයිස් ඇන්ඩ් කරි හදනවා.මම පලා වර්ග කන්න එළවළු අමුවෙන් නැවුම් ගතියට වෙලා කන්න හරිම ආසයි. ගොඩක්ම කන්න කැමති වට්ටක්කා. ඒ වගේම මස් වර්ග වලට වඩා මම මාළු වර්ග කන්න කැමතියි. හාල්මැස්ස කන්න ආසයි. සාමාන්‍යයෙන් මම පැණි රස කෑම ලොකුවට කන්න  කැමැත්තක් නැහැ”

ඉතින් කෑම කියන්නේ හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. ඒ විදිහට අත්‍යවශ්‍ය කෑම වීම ආහාරයට එකතු කරගෙන බොහෝ කාලයක් තවත් නිරෝගී සම්පන්නව ජීවිතය සතුටින් ගත කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo