මෙරට සිනමා කර්මාන්තය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි පූජා උමාශංකර කියන්නේ.ඇය දකුණු ඉන්දියානු රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයත් එක්ක සම්බන්ධ වුණා.

එනිසාම ලංකාවේ බොහෝ පිරිසක් ඇයට ආදරය කරා.හැබැයි පසුගිය දවස් කීපය පුරාවටම අපිට ඇය ගැන අහන්නවත් ඇය ලංකාවේ ඉන්නවා කියලා ආරංචි මාර්ගයක් වත් ලැබුණේ නැහැ.ඒ ගැන විමසා බලද්දී ලංකාදීප පුවත්පතේ ඇය පිළිබඳව ලිපියක් පළ වුණා.

ඒ ලිපියේ සඳහන් වෙලා තිබ්බේ පූජා ජීවිතය ගැන කාල කිරිලා අධ්‍යාත්මික ජීවිතයකට සම්බන්ධව ජීවත් වෙනවා කියන කතාවයි.ඒ වගේම අය නැවතත් ඇය කවදාවත් ලංකාවට එන්නෙ නෑ කියලත් සඳහන් වෙනවා.කොහොම නමුත් ඇයට ආදරේ කරපු බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් මේ කතාව නිසා කනස්සල්ලට පත්වුණා.

පත්තරේ විස්තරය රැගෙන එන රංගනද සිල්වා ඇයව දුරකථන මාර්ගයක් හරහා සම්බන්ධ කරමින් මේ කතාව පිළිබඳව ලෝකෙටම ඇහෙන්න ඇයගෙන්ම අහල අහල දැනගත්තා.ඇය සඳහන් කළේ ඇය කල් තියාම මේ දේ ගැන හිතාගෙන හිටියා කියලයි.

හැබැයි ඇය ජීවිතයේ ඇයට නොලැබුණු දේවල් ගැන හිතලා කනස්සල්ලෙන් මේ තීරණය අරගෙන නැහැ. කල් තියාම ගත්තු තීරණයක් විදිහට තමයි ඇය මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ.ඒ වගේම ඇය ආධ්‍යාත්මක ජීවිතයක් වෙනම ස්ථානයක නම් ගත කරන්නේ නැහැ ගෙදර ඉඳන්ම පොතපත බලමින් නිදහසේ කාලය ගත කරනවා.

ඒ විතරක් නෙමේ පූජා සඳහන් කරපු ආකාරයට මේ මස මැද භාගයේදී නැවතත් ඇය ලංකාවට එන්න සූදානම් ඇය කවදාවත් ලංකාවට එන්නේ නෑ කියපු කතාව බොරුවක්.ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් ගියපු මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව ඇයම හෙළි කරලා තිබුණේ.