Slider

මගේ ආශාව වුණේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන්න.මගේ උස නිසා ඒ හීනය මට අහිමි වුණා.

 


ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ චරිතයක් සමඟයි.

නයනි ගැන කතා කරද්දි ඇය මේ වෙද්දිත් NVQ ලෙවල් 4 දක්වා රූපලාවණ්‍ය හා කේශාලංකරන පාඨමාලාවක් හදාරලා තියෙනවා. වෘත්තිමය වශයෙන් ඇය රූපලාවන්න ශිල්පිනියක් විදිහට සියලු සුදුසුකම් සම්පූර්ණ කරලා තමයි තියෙන්නේ. තවත් නොබෝ දිනකින් ඇයගේම කියලා රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්නත් සුදානම්.

නයනි ගැන කතා කරද්දි ඇයටත් කලාවට එන්න කලින් ලස්සන ලොකු හීනයක් තිබිලා තියෙනවා. ඇත්තටම ඇය ඒ හීනෙට අදටත් ආදරෙයි.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“අපේ තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සිටියදී තමයි තාත්තා විශ්‍රාම ගත්තේ අම්මා ගුරුවරියක් මගේ එකම අයියා වෛද්‍යවරයෙක්.එයා සේවය කරන්නේ අනුරාධපුර රෝහලේ උසස් පෙළ ලිව්වට පස්සේ මගේ අරමුණ වුණේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට බැඳෙන්න.ඒ තනතුරට පුදුම ආසාවක් තිබුණේ. ඒ වෙනුවෙන් අයදුම් කළා. මගේ උස පහයි තුනයි. ඒ නිසා ඒ අවස්ථාව අහිමිව ගියා.අදටත් මම පොලිස් සේවයට ආසයි.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි නයනි ඇයගේ ඒ ආදරණිය හීනය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo