මහේශි මදුසංකා කියන්නේ ටෙලි නාට්‍ය කලාවටත් සිනමාවටත් ආධුනික රංගන ශිල්පිනියක් නෙවෙයි.ඇය බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු දක්ෂ කලාකාරිනියක්.පසුගිය දවසක මහේෂිගේ ආදරණීය සැමියා වන සම්පත් ඔහුගේ රැකියාව සඳහා ලංකාවෙන් පිටත් වන අවස්ථාවේදී  මහේෂි සඳහන් කළේ ඇයත් දරුවන් දෙදෙනා සමග නොබෝ දිනකින් ලංකාවෙන් පිටත් වෙනවා කියලයි.

හැබැයි ආයෙමත් සැරයක් කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු මහේශී අලුත්ම වැඩකින් අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙනවා.පසුගිය දවස් කීපය පුරාවටම ස්වර්ණවාහිනී ආයතනය රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සඳහා තෝරාගෙන තිබුණේ කලා ක්ෂේත්‍රයේ කලා තරු කීප දෙනෙක්.ඉතින් ඒ අතරින් එක්කෙනෙක් තමයි මහේෂි මදු සංකා කියන්නේ.ඇයත් ඒ විදිහට රාත්‍රී ප්‍රවෘත්ති විකාශය කිරීම සඳහා තේරී පත්වුණා.   ඉතින් ඒ සම්බන්ධයෙන් මහේෂි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පුංචි කාලේ ඉදන් තිබ්බ ලස්සන හීනයක්... ඒක හැබෑවෙන්න අවුරුදු 19 මේ අවස්ථාව ස්වර්ණවාහිනීයෙන්ම අවස්ථාව ලැබුනත් රගපෑමට ඇති ආසාව නිසා ඒ හීනේ නැති උනා..කිසිම දෙයක් පුහුණු වීමක් නැතිව කාටවත් කරන්න බෑ..මේ කර්තව්‍ය පිටුපස ලොකු ශක්තියක් තියෙනවා mr. Dammika සංජීව අයියා, අනුර aiya චවිකා අක්කා thushari අක්කා ස්වර්ණාවාහිනී කාර්ය මණ්ඩලය අද මාත් එක්ක ඉන්න nimesh ස්තුතියි හැමදේටම උදව් කරනවට කියලා දෙනවට... මන් හිතනවා මගේ යාලුවොත් මට ආශීර්වාද කරාවී කියලා... හදිස්සියේ මේ ටික ලිව්වේ වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි.. ලොකු අභියෝගයක් ඒක සැබෑ කර ගන්න අවසර දුන්න මගේ ආදරණීය ස්වාමිපුරුෂයා ඔයාටත් ස්තුතියි ආදරෙයි..

ද රෑ 8.00 Live at 8 තුලින් ඔබ හමුවන මා මහේෂි දිසානායක”

ඉතින් ඇයට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.