වේදිකාවට සිනමා ක්ෂේත්‍රය සහ ටෙලි නාට්‍ය කියන මේ අංශ තුනම එකසේ ජයගත්තු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි සම්පත් ජයවීර කියන්නේ.කෝලම් කුට්ටම නාට්‍යයේ දොළේ මහත්තයා සර්කස් කාලයෝ ටෙලි නාට්‍යයේ විපුලේ එවගේම මේ දවස්වල විකාශය වන කතුරු මිතුරු සිනමා නිර්මාණයෙ අපූරු චරිතයකින් අපිට ඔහුව හම්බවෙනවා.

සම්පත් මේ දවස්වල නම් ටෙලි නාට්‍යයේ වගේම සිනමාවේ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.ඒ වගේම තමයි ඔහුට හම්බවෙන සෑම චරිතයකට මොහු උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. රංගනය කියන්නේ ඔහු අවුරුදු ගණනාවක ඉඳලා කරන දෙයක්.

යම් කිසි නිර්මාණයකට සහභාගී වෙනවා නම් සම්පත් අනිවාර්යෙන්ම තමන්ට කරන්න පුළුවන් උපරිම ඒ කියන්නේ සීයම දායකත්වය ලබා දෙනවා.හැබැයි අද කලා ලෝකය තුළ  ඒ වගේ කැපකිරීමක් කරන කලාකරුවන් නැහැ. වර්තමාන ක්ෂේත්‍රය ගැන හිතෙන්නේ මොකක්ද කියලා අහපු අවස්ථාවකදී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ක්‍ෂේත්‍රයේ නම් අර්බුද ගොඩක් තිබෙනවා. මේවා දැන් කතා කරලා කතා කරලා මිනිස්සුන් දන්නවානේ. මේවා විසඳගන්න මේවාට ශිල්පීන් එකතු වෙන්න ඕනෑ. ශිල්පීන් එකතු වෙන්නේ නැහැ. ඒ ගොල්ලොත් හැම වෙලාවෙම පෞද්ගලික වාසිවලටනේ එකතු වෙන්නේ. දේශපාලකයෝ, පක්‍ෂ වටේ ආණ්ඩු පස්සේ ගිහිල්ලා ඇතිවෙන දෙයක් නැහැ. අපි අපේ ක්ෂේත්‍රය ආරක්‍ෂා කරගත්තා නම් අපි අපේ ක්‍රමවේදයක් හදාගත්තා නම් ඒකෙන් අපිව රැකෙනවා. එහෙම නැතිව කවුරුවත් පස්සේ ගියා කියලා අපිව රැකෙන්නේ නැහැ. ඕක මිනිස්සු අවබෝධ කරගන්නා තාක් මේ ප්‍රශ්න ටික එහෙම්පිටින්ම තියේවි.”

ඉතින් කලා කටයුතු දිනෙන් දිනම සාර්ථක කරගෙන ජීවිතය ජය ගන්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.