කලා ලෝකය තුළ මේ දවස්වල බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් තමයි එස් අයි සමරක්කොඩි කියන්නේ.ස්වාධීන රූපවාහිනී විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා තමයි ඔහු බොහෝ දෙනෙක් දන්න කියන චරිතයක් බවට පත්වුණේ.

වුරුදු විසි හතරකට කලින් හුණු වටේ කතාව වේදිකා නාට්‍යයෙන් තමයි ඔහු කරළියට ආවෙ.ජන කලා කේන්ද්‍රයේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධය පාඨමාලාවක් කරලා පසුකාලීනව ඔහු සම්පූර්ණයෙන්ම රඟපෑම ඉගෙන ගන්න තීරණය කරනවා.

මේ වෙද්දි නාට්‍ය එකසිය පහළොවක විතර ඔහු රඟපාලා තියෙනවා.ඒ වගේම චිත්‍රපටි දොළහකට ඔහු රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.මේ වෙද්දි රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් ඉතාමත් ලස්සනට සුන්දරව ගත කරන ඔහු  බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ජීවිතය ගත කරනවා කරනවා. ඉතින් තමන්ගේ ආදරණීය බිරිඳ පිළිබඳවත් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මොන හේතුවක් නිසාද දන්නේ නැහැ එහෙම නිළියන්ට ආදරේ කරන්න හිත ගියේ නැහැ. දැන් නම් කොහොමත් නැහැ. මොකද මගේ බිරිය මට නිළියක් ට වඩා ලස්සනයි . ඒ වගේම තමයි මම වැඩේ කරලා ගෙදර එනවා. ලොකු සම්බන්ධතා නළු නිළියෝ එක්ක නැහැ. හැමෝම එක්ක කතාබහ කරලා ඉන්නවා. නළුවෙක්ගෙ නිළියකගෙ නම්බර් එකක් කවුරු හරි ඉල්ලුවත් මට දෙන්න මගේ ළඟ දුරකතන අංක නැහැ. එහෙම චාම් ජීවිතයක් මම ගත කරන්නේ.”


ඉතින් ඔහුගේ කලා කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.