එකිනෙකට වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ. පුංචි තිරයෙන් එතරම දැක ගන්න ලැබුණේ නැතත් වොල්ගට ආදරේ කරන රසක ප්‍රජාව ගේ නම් අඩුවක් නැහැ.

කොයි කවුරුත් දන්න විදිහට වෝල්ගා කලින් විවාහ වුනේ හර්ෂණ බෙත්මගේ කියන අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පියා සමග.හැබැයි හිතන්නෙවත් නැති මොහොතක විවිධ නොගැලපීම් නිසා මේ දෙන්නම මේ විවාහයෙන් සමුගන්නවා. හර්ෂ නම් මේ වන විට විවාහ වෙලා ආදරණීය දියණියකගේ පියෙක් වෙද්දී වොල්ගා තාමත් තනිකඩව තමයි ජීවිතය ගත කරන්නේ.ඉතින්  තනිකඩ ජීවිතය වෙනස් වෙයිද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ආදර කතාවක් තියෙනවා. ඒ ආදරේ මා එක්ක ජීවත් වෙනවා. කාලෙන් කාලෙට සමහර වෙලාවට ජීවිතේට එක එක අය ඇවිල්ලා අපිට එක එක දේවල් උගන්වන්නේ. මේ ආදර කතාව අපේ වයස සහ අපේ පරිණතවීම එක්ක මට ජීවිතේ කියන්නේ මොකක් ද කියන එක ඉගැන්නුවා. දේවල් බලාපොරොත්තු නොවී ඉන්න එක. ආදරේ කියන එක පවා පෙරලා බලාපොරොත්තු නොවී ආදරේ කරන්නේ කොහොමද කියන එක උගන්වපු ආදර කතාවක් මට දැන් තියෙන්නේ. කලිනුත් මම ආදරේ කළා. මට ඒ කාලේ ආදරේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුණේ නැහැ. දැන් මට ආදරේ සහ ජීවිතේ කියන එක හරියටම වැටහෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ආදර කතාව හරි ලස්සන මට වංචා කරන්නේ නැති සුන්දර කතාවක්. ඒ කතාව මා එක්කම ඉස්සරහට යයි. මම කොහොමත් අනවශ්‍ය ලෙස මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය කරන්නේ නැහැ. නිරාවරණය කරන්නේ නැහැ කියන්නේ මම හිතාමතා හංගනවා කියන එකත් නෙවෙයි. මම එහෙම හංගලා වැඩ කරන්නේ නැහැ. මම අනිත් අය වගේ යන යන තැන ෆොටෝ දාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය වෙලා නැත්තේ.”

ඉතින් ඇගේ ජීවිතය ඇයට අවශ්‍ය කරන පරිදි සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.