derana dream star තරගාවලිය හරහා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ප්‍රේක්ෂකයන් අතරට ආපූ ආදරණීය ගායිකාවක් තමයි ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ.ඇය ගායනා කරන ගීත ශෛලිය නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න පටන් ගත්තා.එය ආදරයත් එක්කම තමයි ඇයට මේ රියලිටි තරගාවලිය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ.

ඒ වගේම ඇයට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්.කොල්ලෝ කැමති වුණාට හැමතිස්සෙම ඒ ප්‍රතිචාර පෙන්නන්නේ නෑ කියලත් ඇය කියනවා.ඒ වගේම තමයි ෆැලන්න් නිතර නිතරම ආකර්ෂණීය විලාසිතා කරනවා. ඇය එහෙම කරන්න ආසයි.

ඉතින් මේ විදිහට ලස්සනට ඉද්දි ආකර්ෂණය නිසාම ආදර යෝජනා ඉන්නේ නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම වැඩිපුර කතා කරන්න යන්නෙ නැති කෙනෙක්. ඒක මට තියෙන එකක්. මට වැඩකට කතා කළත්, වෙන කෙනෙක්ව එළියේදී හම්බ වුණත් මම පෞද්ගලිකව දන්න කියන කෙනෙක් නෙමේ නම් මම ඒ වැඩේ කතා කරගෙන එතැනින් එන කෙනෙක්. එයා කතා කරන්න හැදුවත් මම ඒක කට්ඕෆ් කරන කෙනෙක්. මම දන්නෙ නැහැ අහන්න යනවද කියලවත්.”

ඉතින් ඇගේ ඉදිරි බලාපොරොත්තු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.