කලා ලෝකයට කාලෙන් කාලෙට අලුතෙන් එකතු වෙන විවිධ චරිත පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා.අන්න ඒ විදිහේ කලාවට පායපු අලුත් කලාකාරිනියක් තමයි ඉෂිනි විජේසිංහ කියන්නේ. ගැන කතාකරද්දී කොයි කවුරුත් ඇයව අඳුනන්නේ ජානු ටෙලිනාට්‍යයේ නෝරා කියන චරිතය නිසයි.

ඇය රඟපාන තුන්හිතකවත් කැමැත්තක් දක්වපු කලාකාරිනියක් නෙවෙයි.ඇය දක්ෂ ලේඛිකාවක්.නෝරා ලස්සනට ලියන කෙනෙක් නිසාම අද වෙද්දී අයට ඇයගේම කියලා පොතක් රචනා කරන්නත් අවස්ථාව උදාවෙලා තියෙනවා.කෙසේ නමුත් දැන් මේ වෙද්දි රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඉදිරියටත් ඇය වැඩ කටයුතු කරනවා ඒත් එක්කම ඇයගේ ලියන කියන වැඩ ටිකත් කරගෙන යනවා කියලා තමයි නෝරා සඳහන් කළේ.

ඉතින් ආධුනික රංගන ශිල්පිනියක් විදිහට කලාවට ආපු කෙනෙක්ට ඉස්සෙල්ලාම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර ගැන ඇත්තටම හදවතට දැනෙන්නේ අමුතු හැඟීමක්.මේ ප්‍රතිචාර ගැන අවංකවම හිතට දැනෙන දේ පිළිබඳව නෝරා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම නෝරා කියන චරිතයට මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා මම හිතුවේ නැහැ. ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් නෝරාට හරිම ආදරෙයි. මම ගමනක් බිමනක් යනවිට වුණත් මගේ අතින් අල්ලගෙන කතා කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉතින් හිතුවෙවත් නැති ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.”

ඉතින් ඇයගේ ඉදිරි වැඩ කටයුතුත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගෙන තවත් කලාව තුළ වැජඹෙන්නට අවස්ථාව උදාවේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.