ආදරණීය මියුරු කටහඬකට උරුමකම් කියන සුන්දර ගායිකාවක් තමයි චම්පා කල්හාරි කියන්නේ.ඇයට බොහොම අපූරුවට හින්දි ගීත ගායනා කිරීමේ කටහඬක් උරුම වෙලා තියෙනවා.ඒ සියලු දක්ෂතා එක්ක එළිමහන් ප්‍රසංග වේදිකාවේදී ඇයව නැතුවම බැරි ගායිකාවක් කියන තැනට අද වෙද්දි පත්වෙලා.

හැබැයි ටික කාලයකට කලින් චම්පා කල්හාරී සංගීත ක්ෂේත්‍රයේ අලුත්ම වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නෑ.සරලවම කිව්වොත් ඇය මෑත කාලයේදී තමයි ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තේ.

ඇය කලාවෙන් ඈත් වෙන්න හේතුව ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිද්ධවුණු යම් යම් හැලහැප්පීම් නිසයි.කෙසේ නමුත් මේ වෙතිනම් ආදරණීය පුතත් එක්ක ඇය තාමත් සුන්දර ගත කරනවා.එතෙක් මෙතෙක් ආ ගමන් මග පිළිබඳවත් ඇය එක්තරා ප්‍රසිද්ධ වැඩසටහනකදී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට ඕනි උනා මගේ ජීවිතේ ගොඩනගා ගන්න.මගේ ජීවිතේ මට උදව් පදව් කරන්න බොහොම සැදී පැහැදී වෙලා හිටපු කට්ටියක් හිටියා.හැබැයි මට තනියම ගොඩ නඟා ගන්න ඕනි.ඒ වගේම මගේ දරුවාගේ පියාගෙන් මං අයින් වෙද්දි මම මුදලක් ඉල්ලන්නේ නැහැ.මගේ ලෝයර් හොඳටම මට බැන්නා. අඩුම තරමේ කල්හාරි මෙහෙමවත් කරන්න කියලා කිව්වා. පස්සේ තමයි මම රැකියාවක් කරන්නේ.මං එයාගෙන් සල්ලි ගත්තොත් මට ලැජ්ජාවක් වගේ මොකද ඒ මුදල ගත්තොත් මම තැනකට යොදවන්න ඕනේ.මට තනියෙන් ගොඩනැගෙන්නයි උවමනාව තිබුනේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේ ආදරණීය පුතත් එක්ක ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක්කරන්නෙමු.