අපේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකරුවෙක් විදිහට ක්ෂේත්‍රය තුළ හිටපු හැබැයි මේ වෙද්දි නම් දැක බලා ගන්නටත් නොහැකි කලා තරුවක් තමයි හර්ෂ බුලත් සිංහල කියන්නේ. හර්ෂ ගැන කතා කරද්දි ඔහු අපේ රටේ ප්‍රවීණ කලා යුවලක් වන ලූෂන් බුලත් සිංහල සහ අනුලා බුලත් සිංහල කියන කලාකරුවන් දෙපළගේ ආදරණීය එකම පුත්‍රයයි.

හැබැයි හර්ෂ අම්මයි තාත්තයි ගියපු ගමන් මග ගියේ නැහැ.ඔහුට අවශ්‍ය වුණා ඔහුගේම කියලා වෙනත් ගමනක් යන්න.සරලවම කියනවනම් හර්ෂට අවශ්‍ය වුණේ නෑ ලංකාවේ කලාව තුළ නිරත වෙන්න. මේ විදිහට ඔහු වෙනස් තීරණයක් ගත්තු නිසාම බොහෝ දෙනෙක්ගේ ඇනුම් බැනුම් වලට හර්ෂ මුහුණ දුන් අවස්ථා බොහොමයි.කෙසේ නමුත් අද වෙද්දි නවසීලන්තයේ ජීවත් වෙන හර්ෂ හදිස්සියේම ලංකාවෙන් ගියේ ඇයි කියලා අහපු අවස්ථාවක කිව්වේ මේ වගේ කතාවක්.

“තමන්ට තමන්ගේ හැකියාව මත දෙයක් කරන්න බැරි තැනක ඉඳලා තේරුමක් නැහැ.මනුෂ්‍යත්වයට ගෞරවයක් නැති තැනක සහ තියන තැනක මට කරන්න පුළුවන් දේවල් තියෙනවා.මනුෂ්‍යයා තුළ ඉපදෙන හැඟීම් එක්ක සමාජාණුකරණය වෙන්නේ නැත්නම් එතන ඒ වැඩේ කරලා තේරුමක් නැහැ.මම අවසානයේ ඒක තේරුම් ගත්තා.ඒ නිසා නොගැළපෙන සමාජයක් තුළ නොගැළපෙන පුද්ගලයන් අතර නොගැලපෙන වෙලාවක මම ඉඳලා වැඩක් නැති නිසා ඒ දේවල් කරන්න පුළුවන් තැනකට මම ආවා.මම විතරක් නෙවෙයි මගේ අම්මයි තාත්තයි ලංකාවේ කරන්න හදපු ගොඩක් දේවල් මතක් වෙද්දි මට හිතෙන්නෙ එයාලත් ඉපදුනේ වැරදි තැනක කියලා.”

ඉතින් කොහොම නමුත් ඔහු ලංකාවේ කලා කටයුතුත් එක්ක නම් මේ වෙද්දී සම්බන්ධ වෙලා නැහැ. හැබැයි අනාගතයේදී නැවතත් ලංකාවේ කලා කටයුතුත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔහුට ආරාධනා එකතු කරන්නෙමු.