දශක හතරකට අධික කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්‍රය තුළ නොවෙනස් වන නාමයක් රඳවපු ආදරණීය ගායිකාවක් තමයි දීපිකා ප්‍රියදර්ශනයේ පීරිස් කියන්නේ.භාවනාවක් වගේ කටහඬකට උරුමකම් කියන ඇය  අදටත් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන ගීත රැසක් දායාද කරපු කලාකාරිනියක්.

ඉතින් කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත ගැන කතා කරද්දි බොහෝ වෙලාවට ඔවුන් අවිවේකීව තවත් විදිහකට කියනවා නම් තමන්ගේ විවාහ ජීවිතය ගැනවත් හිතන්න වෙලාවක් නැතුව කාලය ගත කරන පිරිසක් බවට පත්වෙනවා.

දීපිකා ප්‍රියදර්ශනී මහත්මියත් ඔය විදිහට තමන්ගේ විවාහ ජීවිතය ගැන දුර දිග හිටපු කෙනෙක් නෙවෙයි.හැබැයි ඇය විවාහ වෙන්නෙ නෑ කියලා හිතපු කෙනෙකුත් නෙවෙයි. පියා නැතිවුණාට පස්සේ ඇයගේ එකම අරමුණ වුණේ ආදරණීය අම්මව පන වගේ බලාගන්න එක.ඉතින් අවසානයේ අද වෙද්දි ඇය ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.මේ වෙද්දි ඇයගේ මව ජීවතුන් අතර නැතත් ඇය දීපිකා මහත්මියගෙන් බලාපොරොත්තු වූ ඒ අවිහිංසනීය බලාපොරොත්තු ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම විවාහ වෙන්නේ නෑ කියලා කවදාවත් හිතලා තිබුණෙ නැහැ. නමුත් මම මවු කුසින් බිහි වුණු ආපු දවසෙ ඉඳලා ජීවිතේ වැඩි කාලයක් ගතකළේ මගේ අම්මත් එක්ක. මගේ පියා මියගියේ මම උසස් පෙළ හදාරන අවධියේ. එදා ඉඳලා අපේ ජීවිතයේ මුදුන්මල්කඩ වුණේ අම්මා. අම්මව බලාගන්න එක මම මගේ අතට ගත්තා. මගේ තරුණ කාලයේ මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒ හැමදේමත් සමඟ මම බොහෝ අවිවේකී වුණා. අම්මා ඉස්සර දෑත් එකතු කරලා වැඳගෙන කියනවා. අනේ ඉතින් ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන. කියලා. අම්මගේ එකම ප්‍රාර්ථනා වුණේ ඒක. අද ඒ දේ ඉෂ්ට වෙලා තිබෙනවා. ඇය අවසන් සුසුම් හෙළන්න කලින් මගේ දරුවන් දෙන්නව ඇයගේ අත්දෙක උඩින් තබන්න මට පුළුවන් වුණා. එදා මගේ අම්මා අනාවැකි ගොඩක් කිව්වා. මගේ සැමියා චාමික හේරත් කියන්නෙත් කලාවට ඉතාම ආදරය කරන කෙනෙක්. මගේ නිර්මාණවලට පුදුම ලෝබකමක් දක්වන කෙනෙක්. සැමියා සහ මගේ දරුවන් දෙදෙනාත් එක්ක මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා.’

ඉතින් ඇයගේ  ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.