ගැමිකම අපේකම ලෝකයට ගෙනයාමේ අරමුණෙන් නිර්මාණය වූ රන්වල බලකායේ මූලිකම සාමාජිකයෙක් වශයෙන් තමයි ඔහු සංගීතයට ඒ වගේම රංගන ක්ෂේත්‍රයට පා තබන්නේ.ඉතින් සහන් රන්වල බලකාය ගැන කතා කරද්දි අනිවාර්යෙන්ම මතක් වන චරිතයක් තමයි කලා ශිල්පී සහන් රන්වල මහතා.

අවුරුදු කාලසීමාවේදී තමයි විශේෂයෙන්ම මාධ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා සහන් රන්වල වැඩිපුරම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.ඔහුගේ රංවල බලකාය සමග විවිධ ප්‍රසංග එක්ක ලෝකෙ වටේම ඔහු යනවා. ඒ නිසාම ටිකක් කාර්ය බහුල චරිතයක්.

ඉතින් ඔහු මෙතරම් සාර්ථකව ආ ගමන් මග තුළදී ඔහුගෙන් මගහැරෙන යුතුකම් ඉටුකරමින් පවුල් ජීවිතය සමබරව සමබරව ගෙනයන්නට උදව් උපකාර කරන්නේ සහන්ගෙ ආදරණීය බිරිඳ.ඇය නමින් මෙලනී.ඉතින් මෙලනි සහ සහන් හම්බවෙන්නේ හරිම අපූරු හමුවීමක් විදිහට.එය අතීතය පිළිබඳව ඔහු කියලා තිබුණේ මේ වගේ කතාවක්

ඔව් පාසල් ප්‍රේමයක්. අපි ඉස්කෝලේ යන කාලේ නාට්‍ය වැඩමුළුවකට ගිහිං දෙන්නා මුලින්ම දකින්නේ. ඊට පස්සේ එයාගෙ පස්සෙන් ගිහිං ආදරේ අහලා ආදරේ කරලා විවාහ වුණේ.එයා හිතලා තියෙන්නේ මම චන්ඩියෙක් කියලා. එයා කැමති වුණේ නැත්තම් මම තර්ජනය කරයි කියලා මෙලනි හිතලා. එහෙම හිතන්න හේතුව මම ක්ලාස් ගියේ නුගේගොඩ. මට යාළුවෝ විස්සක් විතර හිටියා. මේ ඔක්කොම ක්ලාස් ඇරිලා යන්නේ මාත් එක්ක. කොල්ලො ගොඩක් එක්ක පාරේ යද්දී එයාට මාව පෙනිලා තියෙන්නේ චන්ඩියෙක් වගේ. ඉතිං මම ආදරෙයි කියලා එයාට කියලා එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුණු මොහොතක කිවුවේ හරි එහෙම නම් මම කැමති වෙන්නම් කියලා විතරයි. එතැනින් තමයි කතාව පටන් ගත්තේ. ඒ කතාව තවම ගලාගෙන යනවා.”

ඉතින් ඔහුගේ ආදරය තමයි අද වනතුරුත් ඔහු ගාවේ ඉන්නේ. ඒ නිසාම සහන්ගෙ පවුල සියලුම දෙනාට ඉතාමත් සතුටින් තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්නට අවස්ථාව උදාවේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.