හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රය තුළ බොහෝ චරිත හරහා කරළියට එන මේ ප්‍රවීණ කලාකරුවා රොඩ්නි වර්ණකුළසූරිය. ඔහු ගැන කතා කරද්දි ඔහු කතුරු මිතුරු චිත්‍රපටයෙන් තමයි මේ දවස්වල වැඩි වශයෙන් අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වෙන්නේ.

සිනමාව තුළ බොහෝ දෙනෙක්ගේ මුවගට සිනාවක් එකතු කරපු ඔහු එක්තරා රාමුවකට කොටුවෙලා රඟපාන ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනෙක් හඳුන්වනවා.හැබැයි රොඩ්නි කලාකරුවා නම් ඒ ගැන ඒ විදිහට හිතන්නේ නැහැ.හේතුව හාස්‍ය උත්පාදක චරිත හැමෝටම කරන්න බැහැ.ඒකටත් හැකියාවක් තියෙන්න ඕනේ.

ඒ නිසාම ඉදිරියේදීත් හොඳ චරිත ලැබුණොත් ඔහු ඒ චරිත භාර ගන්නවා කියලත් සඳහන් කළා.ඒ වගේම තමයි වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ සම්මාන ලැබෙන ආකාරය පිළිබඳව විමසූහම ඔහු ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.


“සම්මාන ලැබීම පිළිබඳව නම් විවිධ මත තිබෙනවා. නමුත් මම නම් දකින්නේ සම්මාන බලාගෙන රඟපාන්න අවශ්‍ය නැහැ කියලා. “එපා වාහෙට හොදි බෙදන්නා සේ”  සම්මාන ලැබීමකුත් තිබෙනවා. නමුත් නිර්මාණයකට සාධාරණයක් කරන හොඳ නිර්මාණකරුවකුට සම්මානයක් ලැබෙනවා නම් ලැබෙයි.  ඒ වගේම විවිධ දේ සඳහා මුදල් නාස්ති කරන අපේ රටේ කලාකරුවකුට සම්මානයක් ලෙස දෙන්නේ පුංචි ලී කොටයක්. නමුත් ලෝකයේ කලාකරුවකුට සම්මාන ලැබීමේදී දහසින් බැඳි පියලි ලැබෙනවා. අපේ කලාකරුවෝ බොහොම අහිංසකයි. ඔවුන් ලැබෙන සම්මානයෙන් සැනසෙනවා.”


ඉතින් ඒ විදිහට අදහස් දක්වන මේ සුන්දර කලාකරුවාගේ ඉදිරි ජීවන වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.