නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ඒ වගේම ආකර්ෂණීය නිරූපිකාවක් වෙච්චි තරුවක් තමයි ත්‍රිකලා දරණි කියන්නේ.ඇය ගැන කතාකරද්දි මේ වෙද්දි ඇයට මා නිරූපණ පාසලක් තියෙනවා.මේ නිරූපණ පාසල තුළ විවිධ ආකාරයේ පුද්ගලයන් දක්ෂතාවයන් දක්වලා ජයග්‍රහණ ලබා ගන්නවා.


විශේෂයෙන්ම ලිංගික සංක්‍රාන්තියට පත් වුන පුද්ගලයන් බහුතරයක් දෙනාට ත්‍රිකලා ආදරණීය අවස්ථාවක් දීලා තියෙනවා ඔවුන්ගේ දක්ෂතාවයන් ලෝකයටම පෙන්නන්න.ඉතින් හැමදාමත් අලුත්ම බ්‍රෑන්ඩර්ඩ් දේවල් කරන ඇය මේ පාරත් ඇයගේ පාඨමාලා වෙනස්ම විදිහකට සැලසුම් කරලා තියෙනවා.


මේ දේවල් මේ විදිහට යද්දි සමාජ මාධ්‍ය පුරාවටම ත්‍රිකලා කරණ යම් යම් වැඩ වලට මඩ ගැසීම් සිදු කරන පිරිසක් ඉන්නවා.ඉතින් ඒ සම්බන්ධයෙන් අහපුවාම ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“සමාජමාධ්‍යවල මඩගැසීම් කාටද නැත්තෙ. රටේ ජනාධිපතිටත් මඩගහනකොට මම කවුද. අපි බලන්න ඕන එක්කෙනෙක් නිසා ජීවිත කීයක් වෙනස් වුණාද කියන එක. හැමෝම වගේ දන්නව ලංකාවේ වැඩිම කොමර්ෂල්, ෆැෂන් ෂෝස්, බ්‍රෑන්ඩ් ෂෝස් කරන නිරූපණ ශිල්පීන්, ශිල්පිණියන් තැනුවෙ මම කියල. අද වන විට ලංකාවේ කිසිම පැජන්ට් එකක්, කිසිම ඉවෙන්ට් එකක් කරන්න බැහැ මම උගන්වපු ළමයෙක් ගන්නෙ නැතිව. කතන්දරවලින්නම් මාව වට්ටන්න බැහැ. මොකද මම වැඩ කරල පෙන්නල තියෙන්නෙ. අදටත් වැඩ කරමින් ඉන්නව.”


ඉතින් ඒ සියලු අභියෝගය එක්ක ජීවිතය ඉදිරියට දිනන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.