ටික කාලයක් ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ නොවී ඉඳලා එක පාරටම ආයෙමත් සැරයක්. ක්ෂේත්‍රයේ විවිධ වැඩ කටයුතුත් එක්ක එකතු වුණු ඇයව තාමත් බොහෝ දෙනෙක්ට මතකයි.ඒ ඔබ අප කවුරුත් ආදරේ කරන ආකර්ෂණීය රංගන ශිල්පිණිය ශේෂාද්‍රි ප්‍රියසාද්.

මේ දවස්වල ශේෂාද්‍රි ගැන වැඩි වශයෙන් කතා කරන්නේ ඇය මීට කලින් රූපගත කෙරූ චිත්‍රපටයක් තිරගත වීම නිසයි.කලකට කලින් රූපගත කළත් ඒ චිත්‍රපටියට බොහෝ දෙනෙක්ගේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වෙද්දීත් ඇයට ලැබෙනවා.

ඒවගේම තමයි ශේෂාද්‍රි කලාවෙන් ටික කාලයක් ඈත් වෙලා හිටියත් ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අඩු වුණේ නැහැ ඒක තමයි ඇය ලබපු වාසනාව.එනිසාම සියලුම දේවල් යථා තත්ත්වයට පත්වුනහම ආයෙමත් සැරයක් ඇය කලාවත් එක්ක එකතු වුණු විට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.

අද වෙද්දි රංගන ශිල්පිනියකට අමතරව ආදරණීය බිරිඳක් සහ මවක් විදිහට ඇය ඉතාමත් සුන්දර ලස්සන ජීවිතයක් ගත කරනවා.ඒ ආදරණීය ජීවිතය ගැන ශේෂාද්‍රි කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම චූටි බබත් එක්ක ගත කරන කාලය තමයි මගේ හොඳම කාලය. එයත් දැන් ටික ටික ලොකු වෙනවා. මේ වෙද්දි එයාට වයස අවුරුදු එකහමාරයි. එයා දැන් අලුත් වචන කියනවා. අලුත් අලුත් දේවල් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එයත් එක්ක ගෙවෙන කාලය හරිම ලස්සනයි. ගෙදර ‍ෙදාරේ වැඩකටයුතුවලදී වගේම බබාගේ වැඩවලදීත් ක්‍රිශාන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. එයාලා දෙන්නා එක්ක තමයි මගේ මුළු කාලයම ගත වෙන්නේ. හරිම සතුටෙන් කාලය ගත වෙනවා.”

ඉතින් ඒ ආදරය විඳගෙන ජීවිතය සතුටින්ම ජීවත් වෙන්නට ඇයට තවත් වාසනාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.