කලාව තුළ අතිශයින් දක්ෂ කලාකාරිනියක් විදිහට දක්ෂක ගණනාවක් තිස්සේ වේදිකාව සිනමාව ටෙලිනාට ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ස්පර්ශ කරමින් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මානයන්ට පාත්‍රෝ මේ අති දක්ෂ කලාකාරිනිය කොයි කවුරුත් දන්න දමිතා අබේරත්නයි.

පසුගිය කාල සීමාවේදී ඇය පිළිබඳව නොයෙකුත් ආකාරයේ විවිධ කතාවන් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණා.ඒකට මූලිකම හේතුව ඇය අරගලය කාලසීමාවේදී අරගලේ ප්‍රධාන චරිතයක් විදිහට ඒ තුළ නිරත වෙලා හිටපු නිසයි.

අරගලය නිසාම දමිතට අවසානයේ හිරබත් කන්නත් සිද්ධ වුණා.බොහෝ දෙනෙක් සඳහන් කළ ඇය කලාවට සිත තියලා අරගලය හේතුවෙන් දේශපාලනයට එන්න උත්සාහ දරනවා කියලයි.හැබැයි ඇත්තටම ඇය කියන විදිහට ඇයගේ හිත ඒ වගේ චේතනාවක් තුන් හිතකවත් නැහැලු.කෙසේ නමුත් සති අග පුවත්පතක් සමග එකතුවෙලා. මේ කතාව ගැන දමිතා කියලා තිබ්බේ මේ වගේ දෙයක්.

“මට ඡන්දය ඉල්ලන්න වුවමනාවක් තිබුණා නම් මම අරගලයට එන්නේ නෑ. මේ අරගලයට සම්බන්ධ වෙන්න පෙර ඉඳලම මට බොහෝමයක් පක්ෂවලින් ආරාධනා ලැබිලා තිබුණා. මට දේශපාලනය කරන්න අවශ්‍ය නම් නම් අරගලයට ඇවිත් දේශපාලන චරිතයක් වෙන්න අවශ්‍ය නැහැ. මට ඒ වෙනුවෙන් අවස්ථා තිබුණා. මම අරගලයට සම්බන්ධ වුණේ මේ රටේ හැමෝම වෙනුවෙන්. අපි සියල්ලම දේශපාලන සත්ත්වයෝ. මට මඩ ගහන අය පවා මට විරුද්ධව දේශපාලන පක්ෂයට වැඩ කරන අය වෙන්න පුළුවන්.”

කෙසේ නමුත් තවත් බොහෝ කාලයක් කලා කෙත අස්වදන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.