සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භවීමට නියමිතයි.


තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සේ පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමතව තිබේ.


තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩර්බන් හිදියි.



මෙම තරගාවලියේ අනතුරුව කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබේ.



එම තරගාවලිය ද එක්දින තරග තුනකින් සමන්විත වේ.


අනතුරුව ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීමට නියමිතයි.