සමිතා එරන්දති මුදුන් කොටුව කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න අද්විතීය කටහඬකට උරුමකම් කියන ගායිකාවක් කියන්න කොයි කවුරුත් දන්නවා.ඇයගේ හඬ පෞරුෂය නිසාම ජනප්‍රියතාවයෙන් අඩුවක් නැති කලාකාරිනියක් විදිහට වැජඹෙන්න සමිතට අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඉතින් දක්ෂතාවයම විතරක් මදි සමාජය තුළ ප්‍රසිද්ධ වෙලා ඉන්න නිතරම ප්‍රේක්ෂකයන් අතර මතක හිටින චරිතයක් වෙන්න නම්  සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්විය යුතුයි.එනිසාම නළු නිළියන් ගැන කතාබහ වෙන ගොසිප් සම්බන්ධයෙන් සමිතා හරි අපූරු නිර්වචනයක් කරලා තිබුණා.ඇය වටිනා අදහස් කීපයක් මෙහිදී එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි 

“මෙහෙමයි. මම දකින්නේ ගොසිප් කියන දේත් අපිට වැදගත්. ගොසිප් නැත්නම් අපි ෆේල්. මොකද අපි ගැන කවුරුත් කතා කරන්නේ නැත්නම් අපිව වැඩක් නැහැ කියන එකනේ කියන්නේ. අපි ගැන කතාකරන තරමට හොඳයි. මොනවා හරි දෙයක් තියෙන නිසානේ අපි ගැන කතා කරන්නේ. එතකොට ගොසිප් හදන, අපි ගැන හොයලා බලන ඒ අයත් කරන්නේ රස්සාවක්නේ. ඒ නිසා ඒ අයගේ රස්සාවටත් අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා මම කවදාවත් මම එයාලට වෛර කරන්නේ නැහැ. මට ආදරේ කරනවා නම් සිය දෙනෙක් ඒ අතරට ගොසිප් කරන දෙන්නෙක් තුන්දෙනෙක්වත් මට ඉන්නත් ඕනේ. එහෙම නේද? ඒ නිසා මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන මට බනින අයටත් මම ආදරෙයි. මොකද ඒ අය කවදාවත් මාව දැකලා නැති මගේ මූණට හම්බවෙලා නැති කවදාවත් වචනයක්වත් කතා කරලා නැති අය. නමුත් එයාලගේ වැඩ පාඩු කරන් කවුරු හරි කියපු දෙයකට මට බනිනකොට ඒකෙත් පොඩි ජොලියක් තියෙනවා.”


ඉතින් හැමදාමත් ජනප්‍රිය තරුවක් විදිහට බැබලෙන්නට හැකියාව ලැබේවා කියා අපෙත් ඇයට හදවතෙන්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.