පසුගිය දවසක ටීවී දෙරණ නාලිකාව හරහා මියුසික් වීඩියෝ වෙනුවෙන් පිරි නමන සම්මාන රාත්‍රියක් පැවැත්වුණා. මෙහි සඳහා බොහෝ කලාකරුවන් සම්බන්ධවෙලා හිටිය අතර එවගේම බොහෝ දෙනාගේ හදවත දිනාගත්තු ගීත රචනා කීපයක්ම ඇගයීමට පාත්‍ර වුණා.


ඒ අතර අභිෂේකා විමලවීර විසින් රචනා කර ගායනා කරන  භූමියට පණ තියෙනවා කියන ගීත නිර්මාණයටත් සම්මාන හිමි වුණා.හැබැයි මේ සම්මානය හිමි වුණේ මේ ගීතය නිර්මාණය කෙරූ සමස්ත කණ්ඩායමට ගායිකාවට විතරක් නෙමෙයි.යා සම්මානය අත දරාගනා වේදිකාව ඉස්සරහට ගිහින් ඇයට පමණක් ලැබුණු සම්මානයක් විදිහට මේ සම්මානය ගැන කතා කරලා තියෙනවා කියලා සඳහන්.නමුත් තිර රචනය පසුතල සැකසුම ආදී බොහොමයක් කාර්යභාරයන් භාරව කටයුතු කරලා තියෙන කසුන් මහේන්ද්‍ර හීනටිගල එහෙමත් නැත්නම් මාධවී ගේ ආදරණීය ස්වාමිපුරුෂයා.


ඔහු ඇතුළු තවත් කණ්ඩායමක් වේදිකාව උඩට නැග්ගත් අභිෂේකා ඔවුන් පිළිබඳව සඳහන් කළේ නැහැ.සම්මානය ඇය අත දරාගෙන සිටියා. ඒ වගේම ඇයගේ ජයග්‍රහණය ගැන කතා කළා කියලා තමයි සඳහන් වෙන්නේ.එනිසා මේ ගැන කලකිරුණු ඒ කියන්නේ මේ ගීත නිර්මාණයේ  සම්බන්ධයෙන් කළකිරීමේ ස්වරූපයෙන් ඉතා දිගු සටහනක් සමාජ මාධ්‍ය ගිණුමට එකතු කළා.


ඒ වගේම මාධවිත් සඳහන් කරලා තිබුණේ කවුරු හරි මට වරදක් කරහම් මම හිනාවෙලා ඒක අමතක කළත් මම ආදරේ කරන කෙනෙක්ට වරදක් කරහම මට ඒක කරන්න බෑ කියලා සටහනක්.ඊට අමතරව කසුන් මේ වෙනුවෙන් මුහුණු පොතට එකතු කළ සටහන පහතින් උපුටා දක්වා ඇත.


ඊයේ රාත්‍රියේ පැවැත්වූ TV දෙරණ Music Video Awards සම්මාන උළෙලේ දී 'භූමියට තවම පණ තියෙනවා' ගීතයේ නිර්මාණ කණ්ඩායමට 'ජූරියේ විශේෂ සම්මානයක්' හිමිවුණා. බොහොම ස්තූතියි TV Derana 


නමුත් එහි රචිකාවිය ; ගායිකාව හැසිරුණේ සහ ඈ වරදවා වටහාගෙන ඇත්තේ එම විශේෂ ජූරි සම්මානය 'ගායනය සඳහා ඇයට පමණක්' ලැබුණු එකක් හැටියටයි. මේක ලැබුණෙ 'මියුසික් වීඩියෝවට'. භූමියට තවම පණ තියෙනවා මියුසික් වීඩියෝවේ සංකල්පය, තිර රචනය, අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය , පසුතල සැකසුම් අදහස , භූමි හරේන්ද්‍රන් හැර Ash Dias ඇතුළු අනෙකුත් සියලු නළු නිළි වරණය විතරක් නෙමෙයි සම නිෂ්පාදනයත් මගේ ! 


Nipuni Amarasinghe ස්තූතියි මචෝ මා එක්ක මේ ඉස්තරම් වැඩේ නිෂ්පාදනය කරන්න හයියක් දුන්නට. Srinika Liyanage අපේ ඩීඕපී මහත්තයා ස්තූතියි මචෝ මේ නිර්මාණය බිහි කරන්න ආත්මය දුන්නට. HaSitha JayaSanka ස්තූතියි මචං දවස් ගාණක් එක දිගට කට්ට කාගෙන නිදි මරාගෙන කපමින් කොටමින් මේ ලස්සන වැඩේට පට්ට නිමාවක් දුන්නට. Tharindu D. Pathirathna ස්තූතියි මචං මට ඕනි ඕනි විදිහට අභින ඉස්මතු වෙන්න තිතට වේෂ නිරූපණය සිද්ධ කළාට. Sadun Madurapperuma Mahesh Kumar ස්තූතියි මල්ලිලා ආර්ට් ඩිරෙක්ෂන් ලස්සනට පිළිවෙළට වෙලාවට කළාට.  අපේ නිර්මාණයේ කැමරා යුනිට් එකේ සිට තේ හදපු මහත්මයා දක්වාම බොහොම ස්තූතියි ! 


උඹලා අපේ 'සාමූහික මහන්සිය ආත්මීය ශ්‍රමය ගැන' ස්ටේජ් එක උඩදි මේ සිංදුවෙ ආටිස්ට් වචනයක් කිව්වෙ නෑ. ඒක එයාගෙ අභිමානවත් සදාචාරය. නැවත වාරයක් කියන්නම්. සම්මානය හම්බුණේ මං ඔය උඩ නම් කියපු හැමෝගෙම මහන්සියට ! තනි පුද්ගල නාමයකට නෙමෙයි ! 

පහතින් අමුණන සාක්ෂි වීඩියෝව චුට්ටක් බලන්න. 


ආත්මාර්ථය හරි කැතයි. මේ ලෝකෙ ලස්සන කළේ සාමූහික අරගල විතරමයි !


කසුන් මහේන්ද්‍ර හීනටිගල

2023.12.15