ලා ලෝකය තුළ අපි බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය නිහතමානී රංගන ශිල්පිණියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ටෙලි නිර්මාණ හරහා තමයි වැඩිපුර අපිට ඇයව දැක බලා ගන්න අවස්ථාව උදා වුණේ.ඉතින් පසුගිය කාල සීමාව පුරාවටම සුසන්තා චන්ද්‍රමාලි මහත්මියව පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් අපිට දැක බලාගන්න අවස්ථාව උදා වුණේ නැහැ.

ඒකට හේතුව ඇය අවාසනාවන්ත ආකාරයෙන් පියවුරු පිළිකා රෝගයට ගොදුරු වුණු නිසයි. කොහොම නමුත් මේ වනවිට දෙවැනි වතාවටත් ඇයට මේ රෝගය වැළඳිලා කියලා ආරංචි.කෙසේ නමුත් බොහෝ දෙනාගේ උත්සාහය උනන්දුව මත ඇයට මේ තත්ත්වයෙන් ගොඩ එන්න අවස්ථාව හම්බවෙලා.


විශේෂයෙන්ම ඇයගේ ජීවිතයේ මේ අවාසනාවන්ත තත්ත්වයේ දී ඇයට හෙවනැල්ලක් වගේ ශක්තිය වුණේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා කුමරු.ඉතින් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සංවේදී වෙමින් ඇයගේ ආදරණීය මහත්තයා පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදිහටයි.


“අපි දෙන්නා හම්බවෙලා අවුරුදු තිහකටත් වැඩියි.අද වෙනකම් මේ ලෝකෙ මට ඕනෑ තරම් පිරිමි හම්බවෙලා තියෙනවා.ඒත් මට ඒ කිසිම පිරිමියෙක් මෙයත් එක්ක සංසන්දනය කරන්න බැහැ.මගේ හිත හැම වෙලාවෙම කියන්නේ මෙයා වගේ කෙනෙක් මට හම්බවෙන්නේ නැහැ කියලා.මගේ ප්‍රාර්ථනාව මටත් වඩා වැඩි කාලයක් මගේ මහත්තයා ජීවත් වෙන්න කියලා.මට බයයි මම නැතිවෙච්චි කාලෙක කවුද මෙයාව බලාගන්නේ කියලා.මොකද මම තරම් මෙයාට ආදරේ කෙනෙක් මේ ලෝකෙ නැහැ”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගැන අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ