ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කොඩි ගහ යට තෙල් නිර්මාණය අතිශයින්ම ජනප්‍රිය වෙද්දී ඒ ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් හිටියා. ඉතින් ඔහුව නම් කරේ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ කලූ කියලයි.

පොඩි ගහ යට චරිතයට ඔහු කලූ වුණත් ඔහුගේ සැබෑ නම නලින් නලීන් ලුසේනා.නලින් ගැන කතා කරද්දි ඔහු අවුරුදු 18ක පමණ කාලයක් තිස්සේ නාට්‍ය හා රංග කලාවත් එක්ක එකතු වෙලා හිටපු චරිතයක්.

බොහෝ කලාකරුවන් පුංචි තිරයට ඇවිල්ලා ඊට පස්සේ සිනමාවට යනවා.හැබැයි නලින් කියන්නේ ඒ විදිහට පුංචි තිරයට ඇවිත් සිනමාවට යන්න දඟලන චරිතයක් නෙවෙයි කියලත් ඔහු සඳහන් කරනවා.බහුතරයක් ඔහු ගැන නොදන්න අයට ඔහු කවුද කියලා ඔහු කිව්වේ මේ විදිහේ කතාවක්.

“ටික කාලයක් වේදිකාවේ ඉඳලා ඊට පස්සේ පුංචි තිරයට ඇවිත්, ඊට පස්සේ සිනමාවට යනවා වගේ අදහසක නෙවෙයි මම වැඩකරන්නේ. මම එහෙම ගමනක් ගැන හිතන්නේ නැහැ. මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් උපාධිය හැදෑරුවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල දෙකක නාට්‍ය හා රංග කලාව පිළිබඳව බාහිර හා තාවකාලික කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කළා.

මගේ වෘත්තියට සම්බන්ධ කාරණා එක්ක තමයි මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවිලා ගියේ. වේදිකා නාට්‍යය නිර්මාණය, රංගනය, රචනය වගේ ඉගෙනගත්ත දේවල් එක්කයි මම වැඩ කළේ. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ මම දැන් අවුරුදු 18 ක වගේ කාලයක් වැඩ කරනවා. ඔය අතරතුර මම සිනමා නිර්මාණවලට සහ ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදීත් එහෙම වැඩකරන්න බලාපොරොත්තු වෙනවා.”

ඉතින් කලාකරුවෙක් විදිහට ඔහුගේ ඉදිරි කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.