සඳරු සත්සර කියන්නේ සමාජ මාධ්‍ය හරහා ගීත ගායනා කරමින් ප්‍රසිද්ධ වෙච්චි ජනප්‍රිය තාරකාවක්. ඒ වගේම ඔහු දක්ෂ youtube තරුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්.ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා කාලෙන් කාලෙට විවිධ අමුතු ආකාරයේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කරනවා.

ඒ ගීත නිර්මාණවල තියෙන්නේ වෙනත්ම තාලයක් ඒ වගේම ඉතාමත් ඉක්මනින් මේ ගීත නිර්මාණ ලංකාවේ ජනතාව අතරට යනවා.ඉතින් පසුගිය දවසක ඒ විදිහට ගායනා කරපු චුට්ටම් බට්ටිච්චා කියන ගීතයත් ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරය තුළත් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

මේ ප්‍රසිද්ධතාවය නිසාම සඳරු ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් මේ වැඩේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා.   මේ විදිහට ජනතාව අතර ප්‍රසිද්ධ වෙද්දී සොඳුරුට හැකියාව ලැබිලා තියෙනවා ලෝකයේ විකට කලාකරුවන් සිය දෙනා අතරට තේරී පත්වෙන්න.

ඉතින් මේ සුවිශේෂී අවස්ථාව ගැන සඳහන් කරලා ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එකතු කරලා තිබුණා. ඒ ජයග්‍රහණයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.