අමායා අධිකාරි කියන්නේ  නිරූපිකාවක් වශයෙන් සමාජය තුල ප්‍රසිද්ධ වෙච්ච ආකර්ෂණීය කලාකාරිනියක්.ඇය කියන්න තියෙන දේ කෙළින් කියන කෙනෙක්.ඒවගේම තමයි අතුල අධිකාරි කියන කලාකරුවා සමග මේ වෙද්දි නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්නේ අමායා.

අතුල නීත්‍යානුකූල සැමියා වුණත් අමායා දැන් ජීවත් වෙන්නේ ක්ෂේත්‍රය තුළ තවත් ගායකයෙක් වශයෙන් කැපී පෙනෙන හර්ෂ දනෝෂ් සමඟයි. ඒ විවාහයෙනුත් ඇයට දරුවන් ඉන්නවා. ඇත්තටම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා.

නමුත් අතුල හර්ෂ අමායා ජීවත් වෙන්නේ එකම ගෙදර.ඔවුන් අතරේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා තමයි අමායා කියන්නේ.ඒ වගේම ඇය එක්තරා වැඩසටහනකට සහභාගී වෙලා හර්ෂ ගැන ඒ කියන්නේ දැන් ජීවත්වන සැමියා ගැන කිව්වේ මේ වගේ කතාවක්.

"හර්ෂ ඇවිල්ලා අමුතුම චරිතයක්.එයා හරි මහන්තත්තකම කින් ඉන්න මනුස්සයෙක්.මං හිතන්නේ නුවර නිසා වෙන්න ඇති.ඒකට පොඩි  හැප්පිල්ලක් තියෙනවා මගේ. එයා මාර මනුස්සකම් තියෙන මනුස්සයෙක් උනත් සමහර වෙලාවට එයාගේ තියෙනවා ලොකු කමක්.ඒකත් එක්ක ගැටීම් තියෙනවා.ඒ වගේම අතුල අදිකාරි ගැන චරිතයට එයා ගෞරව කරනවා.ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ.නමුත් එයාට මගේ ගෑනි කියන හැඟීමක් ආවට පස්සෙ ලොකු කමක් එනවා. ඒකට මම කැමති නෑ.මොකද තාමත් මගේ අයිතිය තියෙන්නෙ අතුලට.මගේ කසාද මිනිහා විදිහට ඉන්නේ අතුල මම දික්කසාද වෙලා නෑ.අතුලට ඕනි වෙලාවක පුළුවන්   හර්ෂව එළවලා දාන්න.නමුත් එයා එහෙම කරන්නෑ.එයා අවස්ථාව දීලා තියෙනවා මගෙත් එක්ක ජීවත් වෙන මනුස්සයට පාඩුවෙ ඉන්න දරුවො හදන්න.අපි එක ගෙදර ඉන්නේ."

ඉතින් අමායා ඔන්න ඔය විදිහට තමයි ඇයගේ පවුල් ජීවිතය ප්‍රශ්න ගැටළු මතුවෙන තැන් ගැන කතා කලේ.