කලා ලෝකය තුළ ඉතාමත් කෙටි කාලයක් තුළ අති දක්ෂ රංගන ශිල්පියෙක් බවට පත් වූ ඔහු පුංචි තැනින් පටන් ගත්තු කලා ගමන අද වන විට සිනමාව දක්වා රැගෙන ගොස් අවසන්.ඔහු නමින් රුවන් පෙරේරා රංගන ශිල්පියායි.


රුවන් ගැන කතා කරද්දි රුවන්ගේ රංගන ජීවිතය හැරවුම් ලක්ෂයක් කරාගෙන ආවේ නැසී ගිය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනේ මහත්මයයි.එක අවස්ථාවක දී රුවන් ජැක්සන් 

 මහත්මයා කළු ගඟ දිගේ වැඩසටහන කරන අවස්ථාවේදී ඔහුගේ නිවසේදීම ජැක්සන් ඇන්තනි වෙනුවෙන් ගමේ කෑම ගණනාවකින් යුක්ත කෑම මේසයක් පිළියෙල කළා.


ඒ තරම් රුවන් ඔහුගේ කලා ලෝකය තුළ වීරයා විදිහට අදහන්නේ සලකන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයාව.ඉතින් ජැක්සන් ඇන්තනීව ඔහුට දැනුණු විදිහ පිළිබඳව රුවන් කියල තිබුණේ මේ වගේ සංවේදී කතාවක්.


"ඇත්තටම සර් හොස්පිට්ල් හිටපු දවස්වල ඉඳන් මේ වන තුරු අනිවාර්යයෙන්ම මාසෙකට දෙපාරක්වත් හීනෙන් දකිනවා. ඇත්තටම ජැක්සන් සර් කියන්නේ මගේ දෙවැනි පියා. ඔහුගේ කටින්ම කියලා තිබෙනවා මටයි මගේ නෝනටයි දාව නොඉපදුණාට මාත් ඔහුගේ දරුවෙක් කියලා. ඔහුගේ අහිමි වීම, ඒ පාඩුව, ඒ දුක කියන්න වචන නැහැ.


 ඉතින් ඒ සොදුරු කලාකරුවා සමඟ ගෙවුණු මතකයත් එක්ක කලා ජීවිතය තව තවත් දියුණු කර ගැනීමට රුවන්ට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.