අද (11) දින පාර්ලිමේතුවට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කළු සාටක පැළඳ සිටින අයුරු දැකගත හැකි විය.


සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලීප් වෙදආරච්චි පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණ කියා සිටියේ ධීවර දුක රටට පෙන්නන්නට තමා සාටකයක් පැළදි බවයි.



ධීවර අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තුව වැය ශීර්ෂය විවාදය අරඹමින් වෙදආරච්චි මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.



වැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


තමා මේ පැළැඳ ආවේ කුරහන් සාටකය නොවේ යැයි කී වෙද ආරච්චි මහතා තමා පැළඳ ආ කළු සාටකයෙන් පෙනෙන්නේ ධීවරයන්ගේ දුක් අඳෝනාව බව කීය.