ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. 


නරඹන්නන්ගේ ගැලියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදී දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.



මැති ඇමැතිවරුන් විසින් තරුණයන් දෙදෙනාව වට කර ගනිමින් අල්ලා ගෙන, ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, පසුව දිල්ලි පොලිසියටත් භාරදීමට කටයුතු කර තිබේ.


 

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද එම අවස්ථාවේදී සභාගර්භයේ සිටි බව පැවැසේ.



සභාගර්භයට එල්ල වුණු දුම් බෝම්බ ප්‍රහාරය ලොක් සභාවේ ආරක්ෂාවට එල්ල වුණු බරපතළ තර්ජනයක් ලෙස සැලකෙයි. 



ලොක් සභාවේ නරඹන්නන්ගේ ගැලරියට පැමිණෙද්දී, ස්ථාන පහකදී ආරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි කරනු ලැබෙන බවත්, තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන්ට හොරොන් දුම් බෝම්බ සඟවාගෙන ආවේ කෙසේදැයි යන්න ගැන ගැටලුවක් වී ඇත.



දුම් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, දිල්ලි පොලිසියේ සහාය ඒ සඳහා ලබා ගන්නා බවත් පාර්ලිමේන්තු කතා නායත ඕම් බ්‍රිලා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය