පාර දිගේ ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ඇය  නමින් දුෂේනි මියුරන්ගි.ඇය ගැන කරද්දි ඇය පාර දිගේ ටෙලි නාට්‍යයේ සරණි විදිහට ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ නිසාම අදටත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස වැඩියි.


ඒ වගේම තමයි ඇය මේ දවස්වල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පින්කි කියන චරිතය හරහාත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. දුෂේනි ඇත්තටම සැබෑ ජීවිතේ මොන වගේ චරිතයක්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ සැබෑ ජීවිතයේදීත් ඇය සරණි වගේ විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් කියලයි.


 හැමදාමත් ලස්සනට ඉන්නේ කොහොමද ආයෙමත් සැරයක් ඉන්දියාවට යනවාද කියලා අහපු අවස්ථාවකදී දුෂේණි කියල තිබ්බේ මේ වගේ කතාවක්.


“මම ලස්සන වෙන්න කිසිම කෘතිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ හිත ලස්සන නිසා ඇඟත් ලස්සන ඇති.මම කාලයක් ඉන්දියාවේ නිරූපිකාවක් විදිහට වැඩ කටයුතු කළා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ තමයි මට පාර දිගේ ටෙලි නාට්‍යයෙන් ආරාධනා ලැබුණේ.පාර දිගේ සරණි නිසා දෝරේ ගලාගෙන යන ආදරයක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම මට තවත් නිර්මාණ වලින් ආරාධනා එනවා.”


ඉතින් ඇයගේ ඉදිරි කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.