විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු හැසිරීම හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වන බව පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත ප්‍රකාශ කළේය.


ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.



විපක්ෂ නායකවරයා 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකදී ඉකුත්දා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු තමා වෙත පමණක් වරද පැටවීමෙන් තම වරප්‍රසාද කඩ වීමක් වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.



අදාල සිද්ධියෙන් අනතුරුව විපක්ෂ නායකවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත සටනට අභියෝගයක් කළ බවද එය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පමණක් දඬුවම් කල හැකි වරදක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.



''...විපක්ෂ නායකතුමාගේ හැසිරීම පිළිබඳව අපි එතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා, මන්ත්‍රීවරුන් විදියට අපේ තියන වරප්‍රසාද කඩ වෙනවා.


මීට පෙර දැක්කා අපිට දිනකට මිනිත්තු නවයක් දෙනවා කතා කරන්න කියලා.


හැබැයි අවසානයට කතා කරන කතිකයාට තියෙන්නෙ මිනිත්තු හතරයි.



ඒ මිනිත්තු පහ හොරකම් කරලා විපක්ෂ නායකතුමා.


ඒ නිසා මේ වෙලාවෙ මම මතක් කරන්න කැමති කාලෙ නාස්ති කරන මිනිස්සුන්ට අපේ ගම්වල මිනිස්සු කියන්නෙ කාළකන්ණි කියලා.


ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා විපක්ෂ නායකතුමනි ඔබතුමා කාළකන්ණියෙක් වෙන්න එපා !