එදා පබලු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක්ගේ හදවතේ ලැගුම් ගත්ත රංගන ශිල්පිනියක් තමයි පබෝදා සංදීපනී කියන්නේ.පබෝදා ගැන කතා කරද්දි ඇත්තටම ඇයගේ ආදරණීය මවත් ක්ෂේත්‍රයේ අතිශයින්ම ජනප්‍රිය හැම අතින්ම දක්ෂ කලාකාරිනියක්. ඇය නමින් ගීතාකාන්ති ජය කොඩි.

පබෝදගේ පවුලම කලා පසුබිමක් තියෙන කලා  පවුලක්.ඒ නිසාම බොහොමයක් කලා කටයුතු වලට ඉතාමත් දක්ෂ විදිහට සම්බන්ධ වෙලා තමන්ගේ රංගන කුසලතාවයන් පෙන්නුම් කරන්න පාබෝදට අවස්ථාව උදාවුනා.මේ වෙද්දී ආදරණීය දරුවෙකුගේ මවක් වන පබෝදාට ප්‍රංශයත් එක්ක හරි අපූරු බැඳීමක් තියෙනවා.ඉතින් ඒ බැඳීමට හේතුව සහ ඒ මොකක්ද කියලා ඇය කිව්වේ මේ වගේ කතාවක්

“මගේ තාත්තා දීර්ඝ කාලයක් ඉඳන් ඉන්නෙ ප්‍රංශෙ ඒක තමයි ප්‍රංශයේ තියෙන මගේ බැඳීම.මං ඉපදිලා මාස හයෙන් තාත්ති ගියා.එයා බලන්න ආවා.මම ඉස්සෙල්ලාම එයාව ජීවමානව දැක්කේ අවුරුදු හතේදි.පිටරට බඩු ඕනෑ තරම් මට පුංචි කාලේ ඉඳන් හම්බුනා.ඒවගේම එයා ලංකාවට එන්න කලින් එයාගේ ෆොටෝ මම දැකල තියෙනවාා තියෙනවා.ඉතින් එයාව එකපාර දකිද්දී ඒක හරිම නුහුරුයි.දන්නැති කෙනෙක් ඇවිල්ලා මාව අල්ලන්න යනවා කියන හැඟීම තමයි මට දැනුනේ.ඒක ටික කාලයක් යද්දි හරි ගියා.හැබැයි තාත්තිත් එක්ක ගොඩක්ම තියෙන්නේ හදවතේ බැඳීමක්.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි  පබෝදා ඇය තාත්තත් එක්ක තියෙන සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.