සමිතා එරන්දති මුදුන්කොටුව කියන්නේ ගායිකාවක් විදියට ලංකාවේ ගායන ක්ෂේත්‍රය තුළ අදටත් අලුත් දෙයක් කරන කලාකාරිනියක්.ඇය ගැන කතා කරද්දි ඇගේ ආදරණීය දියණිය කාවින්දයා ඒවගේම අතුල අධිකාරිත් එක්ක එකතු වෙලා ඇය ප්‍රසංගයක් සංවිධානය කළා.ඉතින් ඒ ප්‍රසංගයේ වැඩ කටයුතුත් අති සාර්ථකව අවසන් වුණා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ.

එක කාලයක් තිබ්බා සමිතා ජීවිතයේ බොහෝ සෙයින් දුක් වින්ද කාලයක්. ඒ අතුල අධිකාරියේ ඇයගෙන් වෙන්වෙලා ඇය තනිකඩව ආදරණීය දරුවන් දෙදෙනා සමග ජීවත් වුණු කාල සීමාව. ඉතින් ඒ කටුක අමිහිරු ජීවිතයට තිත තියලා ඇයගේ ජීවිතය ආලෝකමත් කරන්න පුළුවන් ආදරණීය තරුණයෙක් සමිතට මුණගැසුණා.

ඔහු නමින් චිරන්ත. චිරන්ත සමිතට වඩා වයසින් ගොඩක් ළාබාල තරුණයෙක්. ඒ නිසාම මේ දෙන්නගේ ආදර කතාව නම් සමාජයට ටිකක් විහිළු සහගත ආදර කතාවක් බවට පත්වුණා.ඉතින් බොහෝ දෙනෙක් දෙන්නව විවේචනය කරද්දී අදටත් ඒ විවේචන මැද්ද මේ දෙන්නම ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා.ඉතින් ඒ විදිහට කටකතා හදන මිනිස්සු වෙනුවෙන් සමිත හරි පුදුම කතාවක් කිව්වා.ඇය කිව්වේ මේ විදිහේ දෙයක්

“මුලින්ම මම චිරන්තව දකින්නේ ටික් ටොක් එකෙන්.ඒක දැකලා තමයි මම මේ කවුද කියලා හොයන්න පටන් ගත්තේ.දැන් කට්ටියටම ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ අපි දෙන්නගේ වයස.හැබැයි ඔය කතා වෙන අය අපි දෙන්නගේ වයස ගැන හරියටම දන්නේ නැහැ.කෙටියෙන් කියනවනම් චිරන්ත ඇත්තටම හොඳ කෙනෙක්.මං හිතන්නේ කාලයක් ගිහින් හරි මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබුණා”



ඉතින් සමිතා ඔන්න ඔය විදිහට තමයි ඒ දෙන්නා ගැන කියලා තිබ්බේ. ඉතින් ඔවුන්ගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.