සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ. දමිතා පසුකාලීනව අරගලය පැවතුණු කාල සීමාවේදී එහි ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් කටයුතු කළ අතර ඊටත් පස්සේ දේශපාලන වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා.

මේ සියලුම දේවල් වලට වඩා ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස තවටත් කලා ක්ෂේත්‍රය විවිධ කලා කටයුතුත් එක්ක සම්බන්ධයි.බොහෝ දෙනෙක් කියන්නේ නම් ඇයට ගැළපෙන්නේ කලාව කියලා.  විවාහ වෙලා ගොඩක් කල්.ඒවගේම ඇය දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්.ඔහොම නමුත් පසුගිය දවසක ඇයගේ ජීවිතේ හරිම සංවේදී සිදුවීමකට ඇය මුහුණ දෙනවා.ඒ සම්බන්ධයෙන් ඇය  තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට දිගු සටහනක් එකතු කරන්න අමතක කරලා තිබුනේ නැහැ. ඇය ඒ ආකාරයෙන් එකතු කෙරූ සටහන පහතින් දැක්වෙයි.

" මගේ රත්තරන් බන්ටි බබා හිතුවෙම නැති මොහොතක අපිව දාල ගියා..ආදරණීය Thayani Senaratne UG ඔයා මට බන්ටිව දුන්නෙ ආදරෙන් බලාගන්න..එයාට අවුරුදු 6ක් වුනා..ඔයාට ගොඩාක් පිං ඒ වගේ අහිංසක ආදරණීය දරුවෙක්ව මට දුන්නාට..මගේ බන්ටි බබාට කතා කරන්න බැරි වුනාට මගේ අම්ම පල්ලෙහා ලෙඩ වුනොත් උඩට දුවගෙන ඇවිත් මාව අම්ම ලගට ඇදගෙන ගියා  .මගෙ අම්මව එයා නිසා ආරක්ශා වුනා..මමයි අම්මයි ඇඩුවොත් අඩන්න එපා කියල මූනට අතින් ගහනවා නවත්තනකල්ම..මගෙ සතුට දුක දෙකම එයා දන්නවා.

දුකෙන් උඩ ඉදල පල්ලෙහාට පඩි පෙල බැස්සොත් මාව සතුටු කරලයි ආපහු යන්න දෙන්නෙ සිය පාරක් දවසට දැක්කත් ගෙදරට එන හැමවෙලාවෙම ආපහු කොහේවත් යන්න එපා කියනව වගේ අතින් ඇදගෙන ඇවිත් පුටුවෙ ඉන්දවනවා..මුලු දවසම මගේ අම්මාගෙ සතුට එයා මගේ අම්ම අපිව කැතකුනු අතගාල හැදුව වගේම මගේ අක්කි බවාවයි මල්ලි බබා බන්ටිවයි ආදරෙන් බලාගත්තා..සොබා දගමට සතා සිව්පාවුන්ට ආදරේ ලෝබ නැතුව දෙන්න කියල මට ඉගැන්නුවෙ මගෙ රත්තරන් අම්මා..අපි නොහිතපුම මොහොතක මගෙ බන්ටි බබා එක්පාරම අසනීප වුනා..දවස් තුනක් නොගිය තැනක් නෑ මගෙ රත්තරන් පුතාගෙ ජීවිතේ බේරගන්න..

ඒත් බැරි වුනා..අද පාන්දර එයා පිරිත් අහගෙන ජීවිතෙන් සමුගත්තෙ අම්මයි මගෙයි ඇස් දිහා බලාගෙන සතුටින්..එයා මට මගෙ ගෙදරට වාසනාව සතුට ආදරේ විතරමයි ගෙනාවෙ අරගෙන ගියේ බබාගෙ කොට්ටෙයි එයාගෙ පොඩි කාලෙ ඉදල සෙල්ලම් කරපු වඳුරු පැටියයි චූටි බලු පැටියයි විතරයි..එයාගෙ ආදරේ සදහටම  අපි ළඟ තියල එයා ගියා...මගෙ බන්ටි මගෙ පවුලේ ඔක්කොගෙම ආදරේ ලබපු ගොඩාක් අහිංසක කරුණාවන්ත හරිම පිං වන්ත ආදරණීය පුතෙක්.

අපේ විතරක් නෙමෙයි මගෙ ගෙදරට ආව හැමෝම මගෙ බන්ටි බබාට ගොඩාක් ආදරේ කලා.අපි ගොඩක් පිං කරල එයාගෙ ආදරේ ලබන්න එයත් ගොඩාක් පිං කරල අපි ඔක්කොගෙම ආදරේ ලබන්න..මේ උතුම් වූ පිං බලෙන් මගෙ රත්තරන් පුතා ලස්සන අම්මා කෙනෙකුගේ පිංවන්ත කුසකට ගියා..ආපහු මගෙ පුතා ඉපදෙනවා පිං ඇති මනුස්ස භවයක..ඔයා සංසාරේ කරගන්නා පිං එකතු කරගෙන මගෙ පුතා බුදුවේවා නිවන් දකිත්වා..මේ ගෙදරම ඔයා නැතුව අම්මයි මමයි කොහොම ඉන්නද ..හිත හදාගන්න ගොඩාක් අමාරුයි මගෙ පණ..

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සංවේදී සටහන එකතු කරලා තිබුණේ.