ආණමඩුව , පෙරියකුලම් ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙකු තම පුතු විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් දූෂණය කර තිබේ.


මෙම සිදුවීමට අදාළ දැරිය හා පුත්‍රයා ද , පියා ජීවත් වන නිවස අසලම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.


දූෂණය සිදුකළා ‍යැයි චෝදනා එල්ල වන පුද්ගලයාගේ බි‍රිදත් මේ වන විට ගැබිනියක් බවයි වාර්තා වන්නේ.


ගැබිනි බිරිඳ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයට ගිය අවස්ථාවල දි කිහිපවරක්ම මෙම දැරිය දූෂණය කර ඇති බවයි

 

දැරිය පවසා ඇත්තේ.


අත්අඩංගුවට ගත් සැකකරු ආනමඩුව මහේස්‍ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධානාගාර කර ඇත.