තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු අද (11) සිට අධියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.


විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය හේතුවෙන් පසුගිය 04 වන දා වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ වසා දැමීමට පාලනාධිකාරය විසින් පියවර ගෙන තිබුණි.


කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පැවසුවේ අධියර කිහිපයක් යටතේ අද සිට එහි අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.