මුලින්ම නිරූපිකාවක් විදිහට  ලෝකයක් අඳුනන ඒ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන කලාකාරිනියක් බවට පත්වෙලා.ඇය නමින් අමායා අධිකාරි.අමාය ගැන ගොඩක් අය කතා කරද්දි ඇයට විවේචන තමයි එල්ල කළේ.

හැබැයි මේ විවේචන වලින් කවදාවත් අමායා සැලුනේ නැහැ.අමායා අතුල අධිකාරි සමඟ විවාහ වුණාට පස්සේ තමයි මේ ආකාරයෙන් හැමෝම විවේචනය කරන්න පටන් ගත්තේ.හැමෝම කියන්න පටන් ගත්තා සමිතගේ අතුලගෙයි බැඳීම කඩලා අමායා ඒ මැද්දට පැන්නා කියලා.

හැබැයි මේ වෙද්දි නම් අමායා ජීවත් වෙන්නේ අතුල එක්ක නෙවෙයි.අතුලගෙන් දික්කසාද නොවුනත් ඇය මේ වන විට ජීවත් වෙන්නේ හර්ෂ ධනෝෂ් නමැති ගායකයා සමඟයි. හර්ෂ ගේ විවාහ ජීවිතයෙන් අමා යට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම අතුලගේ විවාහ ජීවිතෙන්  අමායට දරුවෙක් ඉන්නවා. ඉතින් කොහොම නමුත් ජීවිතයේ විවිධ හැල හැප්පීම් එක්ක ජීවත් වෙනවා අමායා එක්තරා සංවේදී කතාවක් පිළිබඳව හෙළි කළේ මේ විදිහටයි.

"එයා මාව ගණන් ගන්නෙ නැත්නම් සත පහකට එයාට එයාගේ යාළුවො විතරක් ලොකුයි නම් ඒ වගේම මම එයාට දෙන ආදරේ වැඩක් නැත්නම් මම එයත් එක්ක ඉන්නේ නැහැ.හර්ෂ කියන්නෙත් ටිකක් ඒ වගේ චරිතයක්.මම එයාට දෙන්න ඕනේ සියලුම සැප සම්පත් දීලා තියාගෙන හිටපු කෙනෙක්. මම ගෙදර ඒසි  එකක් දාලා තියෙනවා නම් එයා වෙනුවෙනුත් මම ඒසී එකක් හයි කළා.එයා ටීවී බලන්න ආසයි මම එයා වෙනුවෙන් ලොකු ටීවී එකක් ගෙදර ගෙනත් දාලා තියෙනවා.

එයා වෙනුවෙන් මම එයා ආස බ්‍රෑන්ඩර්ඩ් ටී ෂර්ට් පර්පියුම් සියලුම දේවල් මමයාට දීල තියෙනවා මට ගත්තේ නැතත්. මම අමාරුවෙන් හම්බ කරලා හරි එයාව තෘප්තිමත් කරලා තියෙනවා.හැබැයි හර්ෂ කියන චරිතය එක උපන්දිනයකට රෝස මලක්වත් දෙන්න මතක නැති මනුස්සයෙක්.ඇන්වසරි එකකට විශ් කරන්න වත් මතක නැති මනුස්සයෙක්.ඒ වගේ දේවල් මට ගොඩක් රිදෙන දේවල්.මොකද මම එයාට දෙන්න පුළුවන් හැමදේම දීලා  එයාව හොඳින් බලා ගත්තා"

ඉතින් අමායා හර්ෂ ගැන කතා කරද්දී ඔන්න ඔය විදිහේ සංවේදී කතාවක් තමයි කිව්වේ.කොහොම නමුත්  ඉදිරියේදී මීටත් වඩා හොඳින් සතුටින් ඔවුන් දෙදෙනාටම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.