මාධවි ඇන්තනී කියන්නේ පසුගිය කාල සීමාව පුරාවටම නොයෙකුත් මාතෘකාවන් නිසා අඩු වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක්. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුව මාධවී තමන්ගේ ජීවිතයේ තවත් අලුත් පියවරක් තබන්න සූදානම් වන නිසයි. කොයි කවුරුත් දන්න විදිහට කලින් විවාහ ජීවිත දෙකෙන්ම අයින් වෙලා මෙවන විට ආයෙමත් සැරයක් ආදරණීය තරුණයෙක් සමග ඇය ජීවිතේ ගත කරනවා.

ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල.කසුන් කියන්නේ අති දක්ෂ ගී පද රචකයෙක්. දෙන්නම කලාවට සම්බන්ධ නිසා බොහොම අවබෝධයෙන් කාලය ගත කරනවා කියලත් ආරංචි.කොහොම නමුත් කසුන්ගේ උපන්දිනය දවසේ මාධවී ලොකුවට පාටි දැම්මේ නැතත් ඇයට පුළුවන් විදියට අපූරු කේක් නිර්මාණයක් කරලා ඔහු වෙනුවෙන් ආදරණීය සටහනක් තබන්නත් අමතක කළේ නැහැ.මාධවී ඒ ආකාරයෙන් තැබූ සටහන පහතින් දක්වා ඇති අතර කසුන්ට අපිත් හදවතින්ම සුභ උපන්දිරයකට ආසිරි පතන්නෙමු.

'වෙඬරු පිරිමි හිත ගෙන හිම දෝතින්

සතපමි පිරෙමින් මන දොල ස්නේහෙන්
සැදැහැ ලොවක හිරු දක්නා හීනෙන්
හැබැහැවක් වෙලා හිනැහෙමි ප්රේමෙන්
හිනාවෙන ඇස් අතර ලියවේවි හසුන්
දිනෙන් දින මතක විල පුරවාවි දසුන්
ඉඩෝරෙට පිරිත් පැන් වගේ පෙම් ඉසුම්
උදා වී පර නොවෙන හිරු නුඹයි කසුන්
මගෙ රත්තරං ඔයාට සුබ උපන්දිනයක් !
මේ තමයි අපේ ලෝකෙ. අපි අපේ ලෝකෙ අඩියෙන් අඩිය ගොඩනගාගමු. ඔයා ඉපදුනු එක ගැන මං තරම් සතුටු වෙන කව්රුත් නැතුව ඇති මැණික්..