හිරි පොද වැස්ස සිනමා නිර්මාණය හරහා 2006 වර්ෂයේදී සිනමාවට පැමිණි මේ අතිශයින් දක්ෂ සිනමා තරුව ආදරණීය රංගන ශිල්පී පුබුදු චතුරංගයි.වේදිකා නාට්‍ය ඒවගේම ටෙලි නිර්මාණ සිනමාව කියන මේ අංශ තුනම හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආ නිසා අද වෙද්දිඋ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ  නවගේ රංගන ශිල්පියෙක් බවට පත්වෙන්න පුබුදුට අවස්ථාව උදා වුණා.

මෑත කාලයේදී ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා කරේ බොහෝ දෙනෙක්ගේ ආන්දෝලනයට තුඩු දුන්නේ ජංගි හොරා සිනමා නිර්මාණයේ ඔහුගේ ඒ සුවිශේෂී රංගන කුසලතාවය නිසයි. ඒ වගේම ටික කාලයක් ගියාට පස්සේ පුබුදු මාෂි සිරිවර්ධන කියන ක්ෂේත්‍රයේම රංගන ශිල්පිනියක් සමග විවාහ වුණා.

දෙදෙනා සමග ඉතාමත් හොඳින් අවබෝධයෙන් විවාහ ජීවිතය ගත කරද්ද ඒ දෙන්නටම කලාව තුළින් ඉහළට යන්න ලැබුණු අවස්ථා බොහොමයක් තිබ්බා.ඒ අවස්ථාවන් සාර්ථක කරගනිමින් ගෙදරට යද්දි පුබුදු සහ මාංශිගේ ජීවිතය තවත් අලුත් පිටුවක් පෙරලෙනවා.ඒ ඔඑඋන් දෙදෙනාටම උතුම් මව්පිය පදවිය ලබන්න වරම් ලැබුණු නිසයි.ඉතින් පුබුදු ඒ සම්බන්ධයෙන් කියලා තිබ්බේ මෙන්න මේ වගේ කතාවක්.

“අපි සැලසුම් කරලා තිබුණේ විවාහයෙන් පසුව අවුරුදු හතරක් පමණ ඉඳලා දරුවෙක්ගේ සිහිනයට යමු කියලා. නමුත් රටේ තත්ත්වයත් එක්කම අවුරුදු හතර අවසානයේ අවුරුදු පහක් වුණා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන බර දැනටමත් අපිට දැනිලා තිබෙන්නේ. අනාගත පරපුරක් නිර්මාණය කරන එක ලොකු අභියෝගයක් කියන එක අපි වටාහගෙන ඉන්නේ. ඒ ලොකු වගකීම අපි දෙන්නට දැන් දැනිලා තිබෙන්නේ. ඒ වගකීම සමඟම යහපත් දරුවෙක් මේ සමාජයට දායාද කරන්න තමයි අපි උත්සාහ ගන්නේ.”

ඉතින් අපිත් ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු දිනෙන් දෙනම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.