අද රාත්‍රියේ වැසි තත්ත්වය


අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.



සෙසු ප්‍රදේශවල අද රාත්‍රියේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.



මේ අතර අද දවස පුරාම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි අඳුරු සහිත කාලගුණයක් පැවතියේය.


මේ අතර හෙට දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් වට වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.


සෙසු ප්‍රදේශවල හෙට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය
හැකිය.



මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මීජවුම් සුළි කුණාටුව අද පෙරවරු 11.30ට පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 440ක් ඊසාන දෙසින් පැවතුණි.



මෙම පද්ධතිය තවදුරටත් වර්ධන වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, උතුරු දෙසට ගමන්කර හෙට (05) දිනයේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළතීරයෙන් ඉන්දියාවට ඇතුළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා