පබළු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණු අති දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ.ඔහු ක්ෂේත්‍රයට පා  තබපු මුල් කාල සීමාවේ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත්වුණා.

මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයේ රඟපෑම් කටයුතුවල ඔහු නිරත අතර ඔහුගේ විවාහ ජීවිතයට අවුරුදු දහයක් සම්පූර්ණ වූ විශේෂ වූ අවස්ථාවත් සමරලා තිබ්බා.ඔහු ඒ අවස්ථාව මතක් වෙන්නත් එක්ක හරි අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා.

ඒ වගේම තමයි විශ්වගේ ආදරණීය බිරිද ගැනත් කියන්න ඕනි. ඇය නමින් එරන්දි.එරන්දිව විශ්වට මුණගැහෙන්නේ ඕස්ට්‍රේලියාවේදී.  හැබැයි ලංකාවෙදි තමයි විශ්වත් එක්ක කතා කරලා මේ සම්බන්ධතාවය ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණේ.ඉතින් කලා ජීවිතය තුළදී එරන්දිගෙන් විශ්වට ලැබෙන සහයෝගය ගැන විශ්ව කියලා තිබුනේ මේ වගේ කතාවක්.

“හොඳ සහයෝගයක් ලැබෙනවා. මුලින් ඇයගේ තේරුම් ගැනීමේ පොඩි ගැටලුවක් තිබුණා.හැබැයි පසුකාලීනව ඒක හරි ගියා මම නිළියක් එක්ක රඟපානකොට ඇයට හරි තරහයි දුකයි.ඒක ඕනෑම බිරිඳකට දැනෙන දෙයක් නමුත් මේක මගේ වෘත්තිය නිසා ඇය ඒක තේරුම් ගත්තා.මම උනත් හැමදේම එරන්දිට කියනවා. ෂූටින් ඉවරවෙලා කොහේ ගියත් කියලා තමයි යන්නේ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි විශ්ව ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තිබුණේ ඉතින් ඔහුගේ විවාහ ජීවිතය දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපෙත් ප්‍රාර්ථනා කරන්නෙමු.