දශක කිහිපයකට අධික කාලයක් රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ චරිත නිරූපණය කරපු මේ සුන්දර රංගන ශිල්පිනියර් ප්‍රවීණ රංගන ශිල්පිණිය සනෝජා බිබිලේ මහත්මියයි.ඇය ගැන කතා කරද්දි ඇය වේදිකා නාට්‍ය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

වර්තමාන කාලය ඉතාමත් කාර්යබහුලව තමයි ඇය වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම වර්තමානයේ ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය වලින් ක්ෂේත්‍රයට ඇවිල්ලා එක රැයකින් ප්‍රසිද්ධ වෙන නළු නිළියන් පිළිබඳවත් ඇය කිව්වේ හරි අමුතු කතාවක්.ඇය සදහන් කරන ආකාරයට නිර්මාණයකට බඳවා ගන්නවා නම් ඒ කලාකරුවන්ගේ පසුබිම අධ්‍යාපන මට්ටම ආදී දේවල් පිළිබඳව සොයන්න ඕනි.

නමුත් එහෙම වෙන්න ඇති තැන දක්ෂයෝ ක්ෂේත්‍රය තුළ අතලොස්සක් බිහිවෙන එක ගැන අහන්නත් දෙයක්ද කියලා සනෝජා බිබිලේ මහත්මිය සඳහන් කරනවා. කෙසේ නමුත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය තවමත් තනිකඩයි විවාහ වෙලා නෑ.ඇය ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මට විවාහ වෙන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් මගේ යහළුවන්ට තිබෙන ගැටලු නිසා විවාහ ජීවිතය තරමක් එපා වුණා. එහෙත් මට හොඳ විශ්වාසවන්ත කෙනෙක් ලැබුණොත් හෙට වුණත් විවාහ වීමට මම සූදානම්.”

කෙසේ නමුත් ඇය සිත්ගත් ආදරණීය චරිතයක් මුණ ගැසේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.