චාමර වීරසිංහ කියන්නේ යුගයේ ආදරණීය නිහතමානී ගායකයා කියන්න කවුරුත් දන්නවා.එනිසාම තමයි ඔහු වටා මේ තරම් අති විශාල ජනකායක් ඒ වගේම ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නේ.පසුගිය දවසක හදිසියේම ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා චාමර වීරසිංහ මේ වෙද්දිත් රෝහල් ගතවෙලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියනදේ බහුතරයක් දෙනා දන්නවා.

ඉතින් ඔහුගේ සුව දුක් විමසීම උදෙසා අති විශාල ජනකායක් රෝහල් පරිශ්‍රය අසලත් රැඳී ඉන්නවා. ඉතින් කාමරගේ ඥාති හිතමිත්‍රයන් ඔහුගේ ප්‍රතිකාර සඳහා බාධා නොකර ඔහුට ප්‍රතිකාර ඉතාමත් ඉක්මනින් කර ගැනීමට ඇවැසි පරිසරයක් සකස් කර දෙමු කියන ඉල්ලීම රසිකයන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ නමුත් තාමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමරගේ තත්ත්වය එතරම් සුව අතට හැරුනේ නැති නිසා ඔහුගේ ආදරණීය බිරිඳ එක්තරා සංවේදී ඉල්ලීමක් කරලා තියෙනවා.ඇය සියලුම රසික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ චාමර වෙනුවෙන් සෙත් පතා බෝධි පූජාවක් තියමු කියන කතාවයි.ඉතින්  ඒ සංවේදී ඉල්ලීම චාමර ගේ මුහුණු පොතේ පළ කරලා තිබුණේ පහත ආකාරයට.

“Chamara weerasinghage birinda wana mama Oyala hemogenma loku udawwak illanawa yaluwane puluwannam chamarata ikaman suwaya prarthana karala heta hawasa 6.30ta oyalage game pansale bodhi poojawak thiyanna. Niroshan Aiya chamarage rasika pirisa athuluwa api heta bellanwila pansale poojawa pawathwanawa. Oyala hemotama godak pin🙏”

ඉතින් අපිත් ඔහුට ඉතාමත් ඉක්මනින් සුව වීමට ප්‍රාර්ථනා කරන්නෙමු.