Slider

මම වැඩිය සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නෑ. වැඩ වලට ආරාධනා ලැබුණෙත් නෑ මට

 


හර්ෂණ බෙත්මගේ කියන මේ තරුණ රංගන ශිල්පියා කාලයක් ටෙලිනාට ක්ෂේත්‍රය තුළ ආදරණීය පෙම්වතාගේ චරිතයට ඒ වගේම දුෂ්ඨයාගේ චරිත රැසකට රඟපෑමෙන් දායකත්වය දක්වපු දක්ෂ කලාකරුවෙක්.තරුණ පරම්පරාවේ රසික රසිකාවියන් පමණක් නෙවෙයි වැඩිහිටි පරපුරේ බොහෝ දෙනා ඔහුට කැමතියි.

මේ දවස්වල ස්වාධීන රූපවාහිනී විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා හර්ෂණ බෙත්මගේ කියන මේ සුන්දර රංගන ශිල්පියාව අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.ආදරේ කියන තැනදී ඒ වගේම විවාහයේදී යම් යම් හැල හැප්පීම් සිද්ධ වුණත් අද වෙද්දී හර්ෂණ  තවත් ආදරණීය තරුණියක් සමග ජීවිතය සතුටින් ගත කරනවා.

ඒ වගේම ඔහු දැන් ආදරණීය තාත්තා කෙනෙක්.ඒ වගකීම් එක්ක ජීවිතය තුළ ඉතාමත් නිදහසේ ගත කරන හර්ෂණ බොහොම කාලෙකින් කරනාට පැත්තට යොමු වීම පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.

“ඔව්. ඇත්තටම ටික කාලයක් කලාවෙන් අෑත්වෙලා හිටියා. වැඩවලට ආරාධනා ලැබුණෙත් නැහැ. මම වැඩිය සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක් නොවන නිසා මට අවස්ථා නොලැබෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ අතරින් තෝරාගත් නිර්මාණ කිහිපයකට මම සහභාගි වුණා. නිර්මාණ තෝරාගැනීමේදී එහෙම ලොකුවට චරිත තෝරන කෙනෙක් නෙවෙයි මම. දැන් නැවතත් මාව රූපවාහිනි තිරයේ දකින්න ලැබෙන නිසා සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවා.”

දැන් ඔහු නැවතත් කලාවට අවතීර්ණ වෙලා. ඒ නිසාම ඒ සියලු වැඩ කටයුතුත් දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo