අමායා අධිකාරි කියන චරිතය නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවත් බොහෝ දෙනෙක් දන්න කියන කෙනෙක් බවට පත්වුනේ ඇය අතුල අධිකාරිත් සමඟ විවාහ ජීවිතයට පා තැබීමත් එක්කයි.මේ වන විට ආදරණීය දරුවන් තිදෙනකුගේ මවක් වන අමායා ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් එක්ක ජීවත් වෙන්න උත්සාහ දරන කෙනෙක්.

ඒ නිසාම සමාජයේ ඇය ගැන කතා කරන ප්‍රමාණයත් වැඩියි.ඒවගේම තමයි ඇය අතුල අධිකාරිය සමග විවාහ වුණත් මෙවන විට ඔහුගෙන් වෙන්වෙලා අවුරුදු හතක පමණ කාලයක් ගත වෙනවා.ඒ විදිහට වෙන්න උනත් ඒ විවාහ ජීවිතයෙනුත් ඇයට ආදරණීය දියණියක් ඉන්නවා.

අතුලගෙන් වෙන් වුණාට පස්සේ අමාය ආදරේ කරේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ ගායකයෙක් වූ හර්ෂ දනෝශ්ට.ඇයට තවත් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා.කෙසේ නමුත් මේ වෙද්දී හාර්ෂ ගේ නොයෙකුත් ක්‍රියා කලාපයන් නිසා ඇය ඔහුගෙන් ඈත් වෙමින් ඉන්නවා කියලා තමයි අමායා ප්‍රසිද්ධ වැඩසටහනකදී සඳහන් කළේ. කෙසේ නමුත් ජීවිතයට හම්බවෙච්ච නිහතමානී කලා තරුවක් වූ අතුල අධිකාරිය ගැන අමායා එදා වගේම අදටත් කිව්වේ මේ වගේ කතාවක්.

"අතුලයි මායි දරුවෝ නිසා එකට ඉන්නවා දුව පුදුම ආදරෙයි. අතුල එයාගේ ජීවිතේ හීරෝ.ඉතින් ඔය කන්න බොන්න පොඩ්ඩක් පල්ලෙහාට ගියහම කුස්සියේ බත් එකක් බෙදා ගත්තහම අතුලයි මායි හම්බවෙනවා. නමුත් හදවතින් තියෙන බැඳීම එයාට තියෙන රෙස්පෙක්ට් එක ඒක එහෙම්මම තියෙනවා.එයා මට දීපු දේවල් එක්ක ඒ බැඳීම යාළුකමකට හැරිලා මිසක් මගේ අතකින්වත් අද වෙනකන් වැරදියටවත් අල්ලලා නෑ. ඒ මනුස්සයා.මගේ හස්බන් වෙලා ඉදලා මගේ මුලු ශරීරයම එයා දැකලා තියෙනවා තියෙනවා තියෙනවා ඒත් දැන් වෙන විදිහකට හැසිරෙන්නේ.එයා මගෙත් එක්ක පවුල් කාල අච්චර අවුරුදු ගානක් වුණත් මං ඇඳුමක් මාරු කරද්දී මං දැන් චේන්ජ් කරනවා කියලා දැනගත්තොත් එයා ටක්ගාලා එළියට යනවා."


ඉතින් අමායා ඒ තරම් නිහතමානී චරිතයක් වූ අතුල ගැන කිව්වේ ඒ වගේ සුන්දර කතාවක්.