Slider

මම කලා ක්ෂේත්‍රයට ආවේ නැත්නම් අද බන්ධනාගාර නිලධාරිණියක්

 


ධනංජි තාරුකා කියන්නේ මීට වසර පහළොවකට විතර පෙර අලුත් ගෙදර නැමැති ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය රංගන ශිල්පිණියක්. එයින් අනතුරුව ඇයට ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය දක්වන්න අවස්ථාව උදාවුනා.

දඟකාර කටකාර චරිතයක් නිසාම ධනංජිට හම්බවෙන්නෙත් ඒ වගේ චරිත නිරූපණය කරන්න.මේ දවස්වල ටෙලි නිර්මාණයන් කිහිපයක් එක්ක වැඩ කටයුතු කරන නිසා ඇය ටිකක් කාර්යබහුලයි.නමුත් ලැබෙන සෑම නිර්මාණයකටම ඉහළම සාධාරණය ඉෂ්ට කරන්න ඇය සූදානමින්.

ඒ වගේම ඇය වේදිකාවටත් ගොඩක් කැමති රංගන  ටෙලිනාට ක්ෂේත්‍රයට පිවිසීමට පෙර සිටම ඇය වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරපු නිළියක්. විශේෂයෙන්ම ඇයට කලාවට පැමිණෙන්න පාසල් වේදිකාව තෝතැන්නක් වුණා කියලත් ඇය සෑම අවස්ථාවකදීම මතක් කරනවා.

ඊට අමතරව ඇයගේ සැමියාගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා ඇයට රංගන කටයුතු සාර්ථක කරගන්න මේ වෙද්දි ඇය විවාහ වෙලා අවුරුදු පහක්.ඉතින් කලාවට ආවේ නැත්නම් කවද හරි දවසක මොනවගේ තැනකට යන්න හිතුවාද කියලා අහපු අවස්ථාවකදී ධනංජි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ආස කරන චරිත තිබෙනවා කවදා හරි ලැබෙනවා නම් ගොළු චරිතයක්, පොලිස් චරිතයකට පණ පොවන්නටත් ආසයි. මම රංගන ක්‍ෂේත්‍රයට නොපැමිණියා නම් අද බන්ධනාගාර නිලධාරිනියක්. ඊට හේතුව මගේ පියාත් බන්ධනාගාර නිලධාරියෙක් වීම. ඒ නිසා ඒ හීනෙට පොඩි කාලේ පටන්ම ලොකු ආසාවක් තිබුණා. නමුත් රංගන ශිල්පිනියක් වීම ගැනත් අද මට තිබෙන්නේ සතුටක්”

ඇයගේ ඒ බලාපොරොත්තුවට වඩා අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන කලාකාරිනියක් වෙන්න අයට අවස්ථාව උදාවෙලා තියෙනවා.ඒ නිසාම ඉදිරි වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනායක කරන්නෙමු

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo