ලසිත් මාලිංග කියන්නේ ලංකාවෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නේ.ගොඩක් අය ආදරේට ඔහුට කතා කරන්නේ මාලි කියලා.මේ වෙද්දි නම් ලසිත් මාලිංග වැඩිපුර ක්‍රිකට් පිටියේ දැක බලාගන්න හැකියාව නැහැ ඒකට හේතුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමු ගත් නිසයි.


ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියන් සමු ගත්තත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියට ඔහු සහභාගී වීමට නියමිතයි.ඒ තරගාවලියේ ප්‍රධාන පෙළේ කණ්ඩායමක වේගපන්තු පුහුණු කරන්නෙක් විදිහට තමයි ඔහු ඔහුගේ සහයෝගය දෙනවා කියලා ආරංචි වෙන්නේ.


ඒ වගේම මාලිංග ගැන කතා කරද්දී ක්‍රීඩාවට විතරක් ඔහු දක්ෂතාවයක් දක්වන කෙනෙක් නෙවෙයි.ඔහුට ගීත ලිවීමට සුවිශේෂී හැකියාවක් තියෙනවා.මේ හැකියාව නිසාම මාලිංග අලුත් වැඩක් පටන් අරගෙන.ඔහු විසින් මව් ගෙන ගීතයක් ලියලා මුහුණු පොතේ පළ කරනවා.ඉතින් මේ ගීතයට මාලිංගවත් නොහිතපු තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන්.ඉතින් ඒ නිහතමානී සතුටට ඔහු තැබූ සටහන පහතින් දක්වා ඇත.



“මම ක්‍රිඩා පිටියට සමු දුන්නට පස්සේ, හිතේ තිබුණු ලොකු ආසාවක් වුනේ අවුරුදු 17 ක්‍රිකට් පිටියෙන් ලැබූනු අත්දැකීම් වලින්, ඉගෙන ගත්තු හොදම දේවල් ටික එකතු කරපු පොතක් ලියන එක. ඒක හිතේ තියාගෙන කොලයක් පෑනක් අතට අරගෙන ක්‍රිකට් ගැන විතරක් ලියන්න වාඩි වුනු මට, මමත් කුඩා කොටසක් වුනු මහ සංකීර්ණ ජීවිත කතා, සුන්දර ආදරණීය සැමරීම්, කටුක කර්කශ වේදනාවන් වලින් පිරුණු සමාජයක, අපි හැමෝම මිනිත්තු තප්පර වලින් ගෙවන ජීවිත ගැන මට දැනුණු හැගීම්, පෑනයි කොලෙයි අතේ තිබුණු නිසා ඉබේම වගේ වචන වලට පෙරළන්න හිතුවේ, ගිතයක්ද කවියක්ද නිසදැසක් ද කියල හිතලා වත් නෙවෙයි. ඒ විදියටයි "මව්කිරි" ගීතය ලියවුණේ. 


"මව් කිරි වල රස මම දන්නේ නැත

පෙර සසරෙත් මා පවු කරලා ඇත

මහමග ඈය මා තනි කරලා ඇත

අගුපිල් වල මට දෙව්ලොව සැප නැත

දෙව්ලොව සැප නැත

මවකගෙ සෙනාහස ලබන්න පිං නැති

මා වැනි දරැවන් ලොව තුල තව ඇති

ලෝකය ඈ හට දොස් පවරන්නැති

ඒ හින්දා මන් ලොව තනි වෙන්නැති

 මං තනිවෙන්නැති

මා අත්හල ඔබ  දුකෙන් තැවෙන් ඇති

මගෙ බඩ ගින්නද ඔබට දැනෙන් ඇති

කන බෙන හැම විට කදුලු වැටෙන් ඇති

සසර ගමනෙ මම කල පව් වෙන්න ඇති  

කල පව් වෙන්න ඇති

මව් කිරි වල රස මම දන්නේ නැත

පෙර සසරෙත් මා පවු කරලා ඇත

මහමග ඈය මා තනි කරලා ඇත

අගුපිල් වල මට දෙව්ලොව සැප නැත

දෙව්ලොව සැප නැත"

මේ වචන වලට පනක් දෙන්න හඬක් හොයන්න මට ලොකු වෙලාවක් ගත වුනේ නැහැ.මට හොදින්ම දැනිච්ච, සියුම් විදියිට අපිව සංවේදී කරන්න පුළුවන් වෙනස් ම හැකියාවක් තියෙන කොල්ලෙක්. වචන ටික මංගල එක්ක බෙදා ගත්තාම ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය, ඔහුට දැනුණු විදිය අවසානයේ මම වත් මංගලවත් හිතුවේ නැති විදියේ සංවේදී නිර්මාණයක් වගේම මිනිස්සු වැළඳ ගත්තු නිර්මාණයක් වුණා.

After saying my goodbyes to Cricket, this strong urge to pen down the best lessons from my 17 years on the field hit me. So, armed with just a pen and paper, I settled in to spill the cricket stories. Little did I know, my musings would veer into the real-life rollercoaster we're all on.

Suddenly, I found myself writing not just about boundaries and innings, but about the crazy, beautiful stories and the ups and downs of our society. It just flowed out—didn't matter if it ended up a song, poem, or something in between. And that's how "Mawkiri" took shape.

Then came the search for the perfect voice to give these words a soul. Enter Mangala, this young talent who knows how to hit the emotional notes just right. When I shared my words with him, the magic happened. "Mawkiri" transformed into something tender, something neither of us expected, but it resonated with people in a way we couldn't have imagined.

Mangala Denex