දනු ඉන්නා සිතම්බි කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම ජනප්‍රිය වෙච්චි තවත් කලා තරුවක්.මුල් කාල සීමාවේදී අති දක්ෂ නිවේදකයෙක් විදිහට ඔහු සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ වුනත් අද වන විට ටෙලි නාට රංගන ශිල්පියෙක් ඒ වගේම රිදී තිරයේ අති දක්ෂ කලාකරුවෙක් විදියටත් දනුට අවස්ථාව ලැබිලා තියෙනවා තමන්ගේ දක්ෂතාවයන් නිරූපණය කරන්න.


දනු කොළඹට එන්නේ යාපනය ප්‍රදේශයේ ඉඳන්. එදා ඉඳන් අද දක්වාම ජීවිතය සාර්ථක කර ගන්න දනු නොකරපු දෙයක් නැහැ.මේ සුවිශේෂී පුද්ගලයා නිවේදකයෙක් විදිහට කලා තරු ඉන්ටවිව් කරන අවස්ථාවන්වලදී තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ.


ඉතින් අද වන විට ඔහුත් රංගන ශිල්පියෙක් නිසා සමහර අවස්ථාවන්වලදී ඔහුටත් නිවේදකයකයන් යටතේ විවිධ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක ඔහුගේ ජීවිතයේ ඔහු ලබපු තවත් ජයග්‍රහණයක්.කෙසේ නමුත් එතෙක් මෙතෙක් කාලය තුළ ඔහු ජීවිතය තුළ කට්ට කාපු සිදුවීම් පිළිබඳව ඒ වගේම ඔහුගේ අතීත ජීවිතය පිළිබඳව සති අග පුවත්පතක් සමග එකතුවෙලා කියලා තිබ්බේ පහත ආකාරයේ කතාවක්.


මම ජීවිතේ පළවෙනි වතාවට කොළඹට ඇවිත් කාපු කෑම වෙන්නේ සොසේජස්. එතකම් මම කාලා තිබ්බේ නැහැ. අපි පොඩි කාලේ පල්ලියට යනවා ඉස්කෝලේ යනවා ගෙදර එනවා. වැඩිම වුණොත් ආන්ටිගේ ගෙදරට ගිහින් එනවා. අපේ ගෙදර සල්ලි ගොඩක් තිබ්බේ නැහැ. ටීවී ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. පොඩි රේඩියෝ එකක් විතරයි තිබ්බේ. ඒ නිසා සමාජය එක්ක ගැටෙන්න විදිහක් තිබ්බේ නැහැ. මම ජිවත් වෙලා තිබුණු වටපිටාව සහ ඇත්ත ජීවිතේ බැලුවම අහසයි පොළවයි වගේ.”


කෙසේ නමුත් අද වෙද්දී දනු ලොකු ගමනක් ඇවිල්ලා. ඉතින් ඒ ගමන ඉදිරියටත් සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.